← BACKCrime

ේවක සූරාකෑම නිසා නවසීලන්ත කිවි සමාගමක් වැසී යයි!

BY Dhanush•PUBLISHED JULY 2, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ ප්‍රසිද්ධ කීවි පලතුරු (Kiwifruit) වගා කොන්ත්‍රාත් සමාගමක් වන Dosanjh Horticulture Limited (DHL) සහ එහි අධ්‍යක්ෂ Jatinder Singh යන අයට, එහි සේවය කළ විදේශීය සංක්‍රමණික සේවකයන් අමානුෂික ලෙස සූරාකෑමේ වරදට ඩොලර් 135,000ක දැවැන්ත මූල්‍ය දඩයක් නියම කිරීමට නවසීලන්ත රැකියා සබඳතා අධිකාරිය (ERA) පියවර ගෙන තිබේ.

මෙම දඩයත් සමඟ එම සමාගමට නවසීලන්තයේ කීවි වගා ක්ෂේත්‍රය තුළ වැඩ කිරීම සදහටම තහනම් කර තිබේ.

🔴 හෙළි වූ මහා පරිමාණ ශ්‍රම සූරාකෑම.
සමාගම සතු වීසා බලපත්‍ර මත නවසීලන්තයට පැමිණි අසරණ සේවකයන් සිව්දෙනෙකු මුහුණ දුන් කනගාටුදායක තත්ත්වය, ඔවුන් විසින් නවසීලන්ත කීවි අපනයන දැවැන්තයා වන ‘Zespri’ ආයතනයට පැමිණිලි කිරීමත් සමඟ මෙම ජාවාරම හෙළි විය. එහිදී අනාවරණය වූ කරුණු මෙසේය:

👉🏻 ‘වැටුප් බැංකුකරණය’ : සේවකයන්ට හිමි නිල වැඩ මුරවලට අමතරව තවත් පැය ගණනාවක් කිසිදු අතිකාල දීමනාවකින් (Overtime) තොරව නොමිලේ වැඩ ගැනීමට සමාගම කටයුතු කර ඇත.

👉🏻 රැකියා ලබාදීමට කප්පම් ගැනීම: එක් සේවකයෙකුගෙන් රැකියාව ලබාදීම වෙනුවෙන්ම පමණක් රහසිගතව ඩොලර් 4,500ක මුදලක් බලහත්කාරයෙන් අය කරගෙන තිබේ.

👉🏻 හිමිකම් අහිමි කිරීම: නිසි ලෙස වැටුප් වාර්තා තබා නොමැති අතර, අසනීප නිවාඩු සහ රජයේ නිවාඩු දින සඳහා ගෙවිය යුතු මුදල් වංචා කර ඇත.

සමස්තයක් ලෙස මෙම සේවකයන් සිව්දෙනාට සමාගම විසින් ගෙවිය යුතුව තිබූ ඩොලර් 61,312ක හිඟ වැටුප් නඩු විභාගයට පෙර ගෙවා දැමීමට සමාගමට සිදු විය.

❌ ව්‍යාපාරය සදහටම වැසෙයි!
නියම වූ ඩොලර් 135,000 දඩයට අමතරව, ලොව පුරා කීවි පලතුරු අපනයනය කරන ‘Zespri’ සමාගම විසින් DHL සමාගමේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලදී. මේ හේතුවෙන් එම වංචනික සමාගමට නවසීලන්තය තුළ නැවත කිසිදා කීවි වගා බිම් ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු කිරීමට නොහැකි වනු ඇත.
සංක්‍රමණික සේවකයන්ගේ වීසා බලපත්‍ර තර්ජනයක් ලෙස ගෙන ඔවුන්ව සූරාකෑමට ලක් කරන ඕනෑම ව්‍යාපාරිකයෙකුට උපරිම දඬුවම් දෙන බව නවසීලන්ත කම්කරු පරීක්ෂක කාර්යාලය දැඩි ලෙස අවධාරණය කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *