← BACKTravel

කොහොමවත් හෙල්ලෙන්නේ නැති එළුවන් නිසා හයිවේ එක වහන්න වුණු අමුතුම කතාවක්!

BY DhanushPUBLISHED JULY 21, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ප්‍රධාන මහා මාර්ගයක ගමන් ගන්නා රියදුරන්ට පසුගිය දිනවල මුහුණ දීමට සිදු වූයේ ඉතා අපූරු, නමුත් අතිශය අන්තරායකර අත්දැකීමකටයි. ඒ, පාර මැද රංචු පිටින් ලගින වනචාරී එළුවන් පිරිසක් නිසා State Highway 8 මහා මාර්ගයේ ගමනාගමනය පවා සම්පූර්ණයෙන්ම අඩපණ වීමයි.

සාමාන්‍යයෙන් පාරේ යන සතෙකු වාහනයක නාදය (Horn) ඇසුණු සැනින් පැන යන නමුත්, මෙම එළුවන්ගේ වෙනස වන්නේ උන් වාහන දෙස බලාගෙන පාර මැදම නැවතී සිටීමයි.
“උන් රියදුරන් දිහා නිකන් බලාගෙන ඉන්නවා මිසක් පාරෙන් අයින් වෙන්නේ නැහැ,” යැයි එම මාර්ගයේ ගමන් කළ ප්‍රදේශවාසීහු පවසති.

වේගයෙන් පැමිණෙන වාහන මෙම විශාල එළුවන්ගේ ගැටීමෙන් දරුණු අනතුරු සිදුවීමේ අවදානමක් මතුවිය. එමෙන්ම උන් පාර අසල ඇති උස් කඳු මත සැරිසරන විට උන්ගේ කුර වලට හසුවී පාරට විශාල ගල් පෙරළීමද තවත් බරපතල තර්ජනයක් විය.

බැරිමතැන මෙම එළුවන් පලවා හැරීම සහ පාලනය කිරීම සඳහා නවසීලන්ත ප්‍රවාහන අධිකාරිය (NZTA) අපූරු පියවරක් ගත්තේය. කඳු සහිත ප්‍රදේශයට පයින් ළඟාවීම අසීරු නිසා, හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඔවුන්ට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට සිදු විය.

මෙම මෙහෙයුම් කාලය තුළ වැසියන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව උදෙසා මහා මාර්ගය පැයක් පුරා සම්පූර්ණයෙන්ම වසා දැමීමට පවා බලධාරීන්ට සිදු විය. මිනිසුන්ට සහ රථවාහනවලට බිය නොවෙන මෙම හිතුවක්කාර එළුවන් පාලනය කිරීමෙන් පසු නැවතත් මහා මාර්ගය ආරක්ෂිතව විවෘත කිරීමට පියවර ගෙන ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *