
නවසීලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව (Immigration New Zealand) විසින් ඉතා වැදගත් සහ සහනදායී තීරණ කිහිපයක් ගෙන තිබේ.
එහි ‘Pathway Student Visa’ ක්‍රමවේදය තවදුරටත් සරල කරමින්, සිසුන්ට අනවශ්‍ය ලිපි ලේඛන කටයුතු සහ අමතර වියදම් අවම කරගැනීමට අවස්ථාව සලසා දී ඇත.
🔴 මොකක්ද මේ ‘Pathway Student Visa’ කියන්නේ?
සාමාන්‍යයෙන් වෙනත් රටවල එක් පාඨමාලාවක් අවසන් වූ පසු ඊළඟ පාඨමාලාව සඳහා නැවත වීසා අයදුම් කිරීමට සිදු වේ. නමුත් ‘Pathway Student Visa’ එකක් හරහා එකිනෙකට සම්බන්ධ පාඨමාලා 3 ක් දක්වා (උදාහරණයක් ලෙස: ඉංග්‍රීසි පාඨමාලාව, ඩිප්ලෝමාව සහ උපාධිය) එකම වීසා බලපත්‍රයක් යටතේ වසර 5 ක කාලයක් සඳහා හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබේ.
🔴 අලුතෙන් ලැබුණු වාසි මොනවාද?
- අඩු ලියකියවිලි ප්‍රමාණයක්: පාඨමාලාවෙන් පාඨමාලාවට මාරු වීමේදී නැවත නැවතත් බැංකු වාර්තා (Financial records) සහ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ.
- මුදල් සහ කාලය ඉතිරි වීම: එක් එක් පාඨමාලාවට වෙන වෙනම වීසා ගාස්තු ගෙවීමට සිදු නොවන බැවින් විශාල මුදලක් ඉතිරි කරගත හැක.
- විශ්වවිද්‍යාල සහ විද්‍යාල අතර වැඩි සම්බන්ධතාවක්: පිළිගත් අධ්‍යාපන ආයතන ගණනාවක් අතර සම්බන්ධතා වැඩි දියුණු කර ඇති බැවින් සිසුන්ට තමන්ට කැමති අධ්‍යාපන මාර්ග තෝරාගැනීමට වැඩි නම්‍යශීලී බවක් ලැබේ.
- රැකියා අයිතිය පැහැදිලි වීම: අධ්‍යාපනය ලබන අතරතුර අර්ධ කාලීන රැකියාවල (Part-time jobs) නිරත වීමට ඇති අයිතිය සහ කොන්දේසි වඩාත් පැහැදිලි කර ඇත.
නවසීලන්තයේ අධ්‍යාපනය ලබා පසුව රැකියා සහ පදිංචිය (PR) සඳහා සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන සිසුන්ට මෙම අලුත් සංශෝධන මහත් රුකුලක් වනු ඇත. මේ සුභ ආරංචිය ගැන ඔබේ හිතවතුන් දැනුවත් කරන්න.

0 Comments