← BACKEducation

නවසීලන්ත ශිෂ්‍ය වීසා අයදුම්පත් පරීක්ෂාව දැඩි වෙයි. සිසුන් දැනගත යුතුම වැදගත් තොරතුරු මෙන්න!

BY Dhanush•PUBLISHED AUGUST 30, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව (Immigration New Zealand) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, තමන් අධ්‍යාපනය ලැබීමට නියමිත පාඨමාලාව ආරම්භ වන දිනට හෝ නවසීලන්තය බලා පිටත්වීමට බලාපොරොත්තු වන දිනට අවම වශයෙන් මාස තුනකට (දින 90කට) පෙර ශිෂ්‍ය වීසා (Student Visa) සඳහා අයදුම් කරන ලෙස බලධාරීන් උපදෙස් දෙයි. නවසීලන්තය වෙත පැමිණෙන විදේශීය සිසුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ වීසා පරීක්ෂණ ක්‍රියාවලිය වඩාත් දැඩි කිරීම හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් මඟහරවා ගැනීමට මෙම පියවර ගෙන ඇත.

වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී එය සම්පූර්ණ ලේඛන සහිතව (decision-ready) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, පිළිගත් අධ්‍යාපන ආයතනයකින් ලත් පාඨමාලා පිරිනැමීමේ ලිපිය, වෛද්‍ය වාර්තා, පොලිස් වාර්තා සහ උපකාරක පන්ති ගාස්තු හා ජීවන වියදම් (වසරකට නවසීලන්ත ඩොලර් 25000) පියවා ගැනීමට ප්‍රමාණවත් මුදල් ඇති බවට වන මූල්‍ය සාක්ෂි ඊට ඇතුළත් විය යුතුය.

තවද අසම්පූර්ණ ලේඛන ඉදිරිපත් කිරීම නිසා වීසා නිකුත් කිරීම ප්‍රමාද වන අතර, එමගින් පාඨමාලා ආරම්භක දින මගහැරී යාම, ගුවන් ටිකට්පත් අවලංගු කිරීමට සිදුවීම සහ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අහෝසි වීම වැනි බරපතල ගැටලුවලට සිසුන්ට මුහුණ දීමට සිදුවේ. එබැවින් යෝජිත සංචාරක දිනට මාස තුනකට පෙර අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබේ උපදේශක මාර්ගයෙන් වීසා අයදුම්පත් යොමුකිරීමෙන් මෙම සියලු පරිපාලනමය බාධාවන් මගහරවා ගත හැකි බව ආගමන විගමන උපදේශකයෝ පෙන්වා දෙති.

ඉතින් නවසීලන්තයට එන්න ඉන්න ඔබ මේ දේවල් හරියට සම්පූර්ණ කරගෙන, පසුතැවිලි නොවෙන විදියට වැඩ කරන්න කියල මතක් කරනවා. ඔබට ජය!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *