← BACKCrime

නවසීලන්තයට ඔත්තු සැපයූ පුටින්ගේ අයෙකු රුසියාවේදී අත්අඩංගුවට🕵️‍♂️

BY Dhanush•PUBLISHED JULY 28, 2026•1 MIN READ•0 COMMENTS

​රුසියාවට එරෙහිව නවසීලන්තයේ NZSIS (Security Intelligence Service) රහස් ඔත්තු සේවයට තොරතුරු සැපයූ බවට චෝදනා කරමින් 53 හැවිරිදි රුසියානු ජාතිකයෙකු Khabarovsk නගරයේදී රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 👮‍♂️🇷🇺

​සිද්ධියේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න.

🔹 අදාළ පුද්ගලයා තමන්ගේම උනන්දුවෙන් රහස් සංකේත සහ විද්‍යුත් තැපෑල (Email) ඔස්සේ නවසීලන්ත ඔත්තු සේවය හා සම්බන්ධ වී ඇති බව රුසියාව පවසනවා.

🔹 ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී චෝදනා (Treason) යටතේ නඩු පවරා ඇති අතර, වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමට ඉඩ තිබෙනවා.

🔹 නවසීලන්තය Five Eyes (ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය) යන බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා ප්‍රබල මිත්‍ර පාර්ශවයේ සාමාජිකයෙකු වීම මෙම සිද්ධියට විශේෂ අවධානයක් යොමුවීමට හේතුවී තිබෙනවා.

​නවසීලන්තයේ ප්‍රතිචාරය මෙන්න.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවසීලන්ත අගමැති Christopher Luxon සහ රහස් ඔත්තු සේවය ප්‍රකාශ කළේ, මෙවැනි මෙහෙයුම් පිළිබඳව සාමාන්‍යයෙන් තොරතුරු තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකරන බවයි.

​එමෙන්ම “රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා සියයට සියයක් විශ්වාසදායක නොවන බව” මතක තබාගන්නා ලෙසද නවසීලන්ත බුද්ධි අංශ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. 🤫

​📌 රුසියානු මාධ්‍ය මගින් අත්අඩංගුවට ගන්නා වීඩියෝ පට පවා ප්‍රසිද්ධ කර ඇත්තේ තම රටේ ජනතාවට සහ බටහිර රටවලට විශේෂ පණිවිඩයක් දීමේ අරමුණින් බවයි විදේශීය දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.

​ලෝක දේශපාලනයේ ඉදිරි උණුසුම් පුවත් දැනගැනීමට Lakkiwi News Page Follow කර තබාගන්න🔔

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *