
ඔස්ට්‍රේලියාවේ බටහිර වෙරළේ (Western Australia) සිදු වූ මෙම සිද්ධිය, අද ලෝකයම අගය කරන අපුරූ වීර ක්‍රියාවක් වෙලා තියෙනවා.
🚨 සිද්ධිය කුමක්ද?
Quindalup වෙරළ ආසන්න මුහුදේ විවේකීව සිටි පවුලක්, හදිසි තද සුළං සහ මුහුද රළු වීම හේතුවෙන් මුහුද ඇතුළට බොහෝ දුරක් ඇදගෙන ගොස් තියනවා.
කුමක් කරන්නද කියාවත් සිතාගත නොහැකිව අම්මා සහ කුඩා දරුවන් මුහුදේ අසරණව සිටින වෙලාවේ — ආධාර ඉල්ලා ළඟා වීමට හැකි එකම පුද්ගලයා වූනේ 13 හැවිරිදි පුත්‍රයා පමණයි.
🏊♂️ අදුරු මුහුදට එරෙහි වීර සටනක්,
🧒 Austin Appelbee නම් මෙම දරුවා,
- 🕓 පැය 4කට ආසන්න කාලයක්
- 📏 කිලෝමීටර් 4කට වඩා
- 🦈 මෝරුන් නිතර දිස්වන මුහුදක් හරහා
තනිවම පිහිනමින්, මරණයට අභියෝගකරමින්, වෙරළට පිහිනා ඒමට සමත් වුණා.
📞 වෙරළට ළඟා වූ විගසම
ඔහු කිසිඳු විවේකයක් නැතිව හදිසි සේවා අංශ වෙත දුරකථනයෙන් දැනුම් දී, තම පවුල මුහුදේ සිරවී ඇති ස්ථානය ගැන පැහැදිලි කළා.
🚁 සැනින් විශාල ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වුනා.
පොලිසිය, මුහුදු ගලවා ගැනීමේ කණ්ඩායම් සහ හෙලිකොප්ටර් යොදාගෙන සිදු කළ මෙහෙයුමකින්,
👩👧👦 අම්මා සහ කුඩා දරුවන් කිලෝමීටර් 14ක් පමණ මුහුදේ දුරින් සිටියදී සුරක්ෂිතව ගලවා ගත්තා.
🏅 නිලධාරීන් කියන්නේ…
👉 “මෙය සාමාන්‍ය දරුවෙකුට කළ හැකි දෙයක් නොවේ.
👉 මේ දරුවාගේ අසීමිත ධෛර්යය සහ උත්සහය නිසා පවුලේම ජීවිත බේරුණා.” කියල.
❤️ මේ පුංචි දරුවා අපට කියා දෙන පාඩම
අසීරු අවස්ථාවන් වල, වීරයන් උපදිනවා. එයට වයස වැදගත් නැහැ.ඒ වගේම ශරීර ශක්තියට වඩා බලවත් වන්නේ හදවතේ ඇති අධිෂ්ඨාන ශක්තියයි.
🌍👏 Austin Appelbee – ඔබ සැබෑ වීරයෙක්!

0 Comments