← BACKEducation

“පාසල් දරුවන්ට ටයිප් කරන්න උගන්වන්න ඕනෙද?”🇳🇿 NCEA විභාග ඔන්ලයින් වෙන සමයේ අධ්‍යාපන අමාත්‍යවරිය නගපු වැදගත් ප්‍රශ්නයක්

BY Dhanush•PUBLISHED FEBRUARY 9, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ NCEA විභාග වැඩි වැඩියෙන් ඔන්ලයින් වෙන නිසා,
අධ්‍යාපන අමාත්‍ය Erica Stanford විමසා සිටින්නේ👇

👉 පාසල් විෂය නිර්දේශයට “Touch Typing” (යතුරු ලියනය) ඇතුළත් කළ යුතුද?

අමාත්‍යවරියගේ සැලකිල්ල නම් ❗
💰 ධනවත් පවුල්වල දරුවන්ට පරිගණක හා ටයිපිං දක්ෂතාවයෙන් වාසියක් තියෙන අතර
🏘️ දුප්පත් ප්‍රදේශවල දරුවන් ඒ අවස්ථා වලින් පසුබැසී යාමේ අවදානමක් තියෙනවා කියන එක.

⸻

❓ මේ ප්‍රශ්නය මතු වුණේ ඇයි?

📌 NZQA දැන් විභාග වැඩි කොටසක් ඩිජිටල් ආකාරයෙන් පවත්වනවා
🖥️ NCEA කියවීම, ලිවීම, ගණිතය – ඔක්කොම ඔන්ලයින්

⚠️ පාසල් ප්‍රධානීන් අනතුරු අඟවන්නේ👇
👉 සමහර සිසුන්ට මූලික පරිගණක දැනුමත් ප්‍රමාණවත් නැහැ

🏫 පාසල් ප්‍රධානීන්ගේ අදහස්

🗣️ Denise Johnson – Hutt Valley High School
👉 නව යොවුන් වියේ දරුවන් පරිගණක නිතර භාවිතයෙන් ස්වයංක්‍රීයව හොඳ ටයිපිං කුසලතා වර්ධනය කරගන්නවා

🗣️ Steve McCracken – Whangaparāoa College
👉 වේගයෙන් හා නිවැරදිව ටයිප් කිරීම සිසුන්ට විශාල වාසියක්

නමුත් ❗
📚 පාසල් විෂය නිර්දේශය දැනටමත් ඉතා කාර්යබහුල
👉 ටයිපිං උගන්වන්න නම් වෙන දේවල් අතහැර දැමිය යුතුයි කියලා ඔවුන් කියනවා

⸻

👩‍🎓👨‍🎓 සිසුන් කියන්නේ මොනවද?

🖥️ බොහෝ පාසල් වැඩ සහ තක්සේරු පරිගණකවලින් කරනවා
⌨️ තමන්ට ටයිපිං හැකියාව තියෙනවා කියලා හිතනවා
❌ නමුත් විධිමත් පාඩම් කිසිදා ලබාගෙන නෑ

👉 උසස් පාසලට එන්න කලින් ටයිපිං උගන්වුවා නම් වැඩ පහසු වෙන්න තිබුණා කියලා සිසුන් කියනවා

📌 වැදගත් කරුණු
🔹 NZQA කියන්නේ ටයිපිං පමණක් නෙවෙයි
🧠 සංජානන
💬 සමාජීය–චිත්තවේගීය
💻 තාක්ෂණික කුසලතාත් අවශ්‍යයි

🔹 McCracken කියන්නේ👇

“විභාග කියන්නේ දැනුම පරීක්ෂා කිරීමක් –
ටයිපිං පරීක්ෂාවක් නෙවෙයි.”

🔹 ටයිපිං විෂය නිර්දේශයට ඇතුළත් කළොත්
👉 වෙන පාඩම් අඩු කරන්න වෙයි

(RNZ පළකිරීමක් ඇසුරෙන්)
⸻

💬 මේ ගැන ඔබේ අදහස මොකක්ද?
⌨️ ඩිජිටල් විභාග යුගයේ පාසල් දරුවන්ට ටයිපිං අනිවාර්යයෙන්ම උගන්වන්න ඕනෙද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *