
නවසීලන්තයේ East Cape ප්‍රදේශයට ජනවාරි මාසයේ බලපෑ දරුණු කුණාටු හේතුවෙන් නායයෑම් 11,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බව, නව චන්ද්‍රිකා රූප මගින් හෙළි වී තිබෙනවා.
මෙම විනාශය හෙක්ටයාර් 900 කට අධික ප්‍රදේශයක් ආවරණය කරමින් Te Araroa සහ Hicks Bay ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදකලා කරලා තියනවා.
❓ හානිය කොතරම් බරපතළද?
•නායයෑම් ප්‍රමාණය: 11,000+
- රොන්මඩ හානි: හෙක්ටයාර් 900
- විශාලතම කඩාවැටීම්: Punaruku – ඝන මීටර් 250,000
- භූමිය තවමත් චලනය වන බවත්, සති අන්තයේ නව කඩාවැටීම් වාර්තා වූ බවත් වැඩි දුරටත් සඳහන්.
මෙම තත්ත්වය Dragonfly Data Science (වෙලින්ටන්) සමාගම විසින් විශ්ලේෂණය කළ චන්ද්‍රිකා දත්ත මගින් තහවුරු කර තිබෙනවා.
❓ ප්‍රදේශවාසීන්ගේ තත්ත්වය
🚧 මාර්ග සම්පූර්ණයෙන් වසා ඇත:
- රාජ්‍ය මහාමාර්ග 35 (Pōtaka – Te Araroa)
- බොහෝ ස්ථාන වල ඇති නායයෑම් නිසා ප්‍රවේශය තහනම්.
🚨 ප්‍රවාහන ඒජන්සිය අනතුරු අඟවයි:
- භූමිය තවමත් අස්ථාවරයි
- තවත් නායයෑම් සිදුවිය හැක
❓ විශේෂඥයින් කියන්නේ මොනවද?
Dragonfly Data Science අධ්‍යක්ෂ Finlay Thompson පවසන්නේ,
මෙවැනි චන්ද්‍රිකා තාක්ෂණය ආපදා වල සැබෑ විශාලත්වය තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය බවයි.
- 2023 Gabrielle සුළි කුණාටුවෙන් පසුද මේ හා සමාන සිතියම් භාවිතා කළා
- මෙය ආපදා ප්‍රතිචාර සහ දිගුකාලීන දේශගුණ සැලසුම් අතර පරතරය පෙන්වා දෙනවා.
- අනාගත ගංවතුර සහ නායයෑම් පුරෝකථනය කළ හැකි ආකෘති අවශ්‍ය බව වැඩිදුරටත් අවධාරණය කරනවා.
🗣️ Thompson මහතාගේ අනතුරු ඇඟවීම:
“මිනිසුන්ගේ ජීවනෝපාය අනතුරේ”
“මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය නොහැක”
❓ දේශගුණ විපර්යාසයේ බලපෑම
- කුණාටු දැන් වඩාත් තීව්‍ර සහ නිතර සිදුවෙනවා
- වසර ගණනාවක් තිස්සේ දෙන අනතුරු ඇඟවීම් දැන් යථාර්ථයක් වෙමින් පවතිනවා.
- විමෝචන අඩු කිරීම සහ දත්ත-මූලික ආපදා සැලසුම් තවමත් අත්‍යවශ්‍යයි.
(RNZ web අඩවියෙහි පළකර තිබූ වාර්තාවක් ඇසුරිනි)
👉 East Cape හි මේ භයානක තත්ත්වය ගැන ඔබේ දැනසිටියාද? 🌧️⛰️

0 Comments