
ASB Bank විසින් නිකුත් කළ අලුත්ම Commodities Weekly වාර්තාව අනුව, නවසීලන්තයේ කෘෂි භාණ්ඩ වෙළඳපොළට හොද කාළයක් උදාවී ඇති බව පැහැදිලියි.
🔹 ASB Commodities Index 2% කින් NZ ඩොලරය ඉහළ ගොස් තිබෙනවා.
🔹 NZD/USD විනිමය අනුපාතය 0.60ට ආසන්නයි.(එය යහපත් තත්වයක්)
🔹 පසුගිය වසරට වඩා NZ ඩොලරය තවමත් 7% කින් ඉහළ මට්ටමක පවතිනවා.
🥛 කිරි නිෂ්පාදනය සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ කිරි මිල 4.2%කින් වැඩිවී තිබෙනවා.
Global Dairy Trade වෙන්දේසියේදී සමස්ත මිල දර්ශකය 6.7%කින් ඉහළ ගියා.
Whole Milk Powder ➡️ +5.3%
Skim Milk Powder ➡️ +10.6%
👉 මේ තත්ත්වය නිසා වර්තමාන කාලසමයේ කිරි මිල $8.50–$9.50/kgMS පරාසය ඉක්මවා යාමේ හැකියාවක් තියෙනවා.
🥩 මස් වෙළඳපොළත් වාසිදායකයි.
බැටළු සහ ගවමස් මිල ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
USD terms වලින් වසරකට, පෙරට වඩා 41.4%ක් ඉහළයි.
NZD terms වලින් සතියකදී 0.5% වැඩිවීමක් පෙන්වනවා.
වෙළඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ බැටළු මස් වෙළදපොලේ නැගීමක් පමණයි” කියලා.
💵 ඩොලර් බලපෑම
ඇමරිකානු ඩොලර් දුර්වල වීම NZ ඩොලරය ශක්තිමත් වීමට හේතුවක් වෙලා තියනවා.
එම නිසා අපනයනකරුවන්ට පොඩි පීඩනයක් තිබුණත්, විදේශ ඉල්ලුම තවමත් ශක්තිමත් මට්ටමක පවතිනවා.
නවසීලන්ත ආර්ථිකය ගැන සුභ ලකුණු පහළවීම ඔබ දකින්නෙ කොහොමද? අනගතය සුභවාදී වෙයිද?

0 Comments