
නවසීලන්තයේ නිවාස ව්‍යාපෘති සදහා “වයස අවුරුදු 50 ට වැඩි” පුද්ගලයින්ට පමණක් සීමා පැනවීම එරට මානව හිමිකම් පනත උල්ලංඝනය කිරීමක් සහ නීති විරෝධී ක්‍රියාවක් බව මානව හිමිකම් කොමිෂන් සභාව (Human Rights Commission) විසින් සන්ධිස්ථානීය තීන්දුවක් දෙමින් ප්‍රකාශ කර තිබේ. මෙම තීරණයත් සමග නවසීලන්තයේ දේපළ වෙළඳපොළ සහ නේවාසික ව්‍යාපෘතිවල සිදුකරන වයස්ගත සීමාකිරීම් පිළිබඳව දැඩි නීතිමය සංවාදයක් ගොඩනැගී ඇත.
ලියාපදිංචි විශ්‍රාමික ගම්මාන (retirement villages) හැර අනෙකුත් සාමාන්‍ය පෞද්ගලික නිවාස සංකීර්ණ සහ ව්‍යාපෘතිවල යම් යම් වයස් සීමාවන් පනවා නිවාස අලෙවි කිරීම හෝ කුලියට දීම සිදුකරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් කොමිසම මෙම පරීක්ෂණය පවත්වා ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ 1993 අංක දරන මානව හිමිකම් පනතට අනුව කිසිදු විශේෂ නීතිමය නිදහස් කිරීමක් නොමැතිව, වයස මත පදනම්ව පුද්ගලයන් නිවාස ලබාගැනීමෙන් වැළැක්වීම නීති විරෝධී වෙනස්කම් කිරීමක් (unlawful age discrimination) වන බවයි.
මෙම නීතිමය තීන්දුව හේතුවෙන් මෙතෙක් නිවාස සංකීර්ණවල පනවා තිබූ වයස් සීමා නීතිමය වශයෙන් අහෝසි වන අතර, එමගින් දේපල සංවර්ධකයින්ට සහ කළමනාකාරීත්වයන්ට තම කොන්දේසි වහාම වෙනස් කිරීමට සිදුවනු ඇත. නවසීලන්තය පුරා නිවාස හිඟය සහ දැරිය හැකි මිලකට නිවාස ලබාගැනීමේ අභියෝගය පවතින පසුබිමක, පුද්ගලයන්ගේ වයස මත පදනම්ව පනවා තිබූ මෙවැනි අසාධාරණ බාධක ඉවත් කිරීම සාධාරණ නිවාස අයිතිය තහවුරු කිරීමට ලැබුණු විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.

0 Comments