← BACKBusiness

ඓතිහාසික ඕක්ලන්ඩ් පාලමට ටෙන්ඩර් කැදවයි! ව්‍යාපාරිකයින්ට සුවිශේෂී අවස්ථාවක්!

BY DhanushPUBLISHED MAY 28, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහිටි සුප්‍රසිද්ධ ‘ඕක්ලන්ඩ් හාබර් පාලම’ (Auckland Harbour Bridge) සඳහා වාණිජමය අනුග්‍රාහකයෙකු (Corporate Sponsor) සොයා ගැනීමට ඕක්ලන්ඩ් කවුන්සිලය තීරණය කර තිබේ.

පාලම ආශ්‍රිතව දැනට පවතින Vector Lights ආලෝකකරණ ගිවිසුම අවසන් වීමට නියමිත බැවින්, 2027 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි නව දිගුකාලීන හවුල්කරුවෙකු සොයා ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත. මෙමඟින් පාලම මත නවීනතම LED තාක්ෂණයෙන් යුත් ස්ථිර රාත්‍රී ආලෝක සංදර්ශනයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ඕක්ලන්ඩ් නුවරට ආවේණික සංස්කෘතික අනන්‍යතාවය සහ මවුරි (Māori) උරුමය විදහා දැක්වීමට නියමිතය.

පවතින රාජ්‍ය ප්‍රතිපාදන හිඟකම නිසා මෙම ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට කවුන්සිලය අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් තේරී පත්වන සමාගමට පාලමෙහි නාමකරණ අයිතිය (Naming Rights) සහ ඉහළ වාණිජ ප්‍රචාරණ අවස්ථාවන් හිමි වේ. කෙසේ වෙතත්, මෙම ඓතිහාසික පාලමේ ගෞරවයට හානියක් නොවන පරිදි වඩාත් සුදුසු සන්නාමයක් පමණක් මේ සඳහා තෝරා ගන්නා බව ඕක්ලන්ඩ් කවුන්සිලය අවධාරණය කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *