
ඇමරිකාවේ Texas ප්‍රාන්තයේ Fort Worth සිට Washington D.C. දක්වා සැතපුම් 2,300ක් (කිලෝමීටර් 3,700) පයින් ඇවිදිමින්, සාමය ප්‍රචාරණය කිරීමට බෞද්ධ භික්ෂූන් 19 දෙනෙකු දින 108ක ඓතිහාසික සංචාරයක් අවසන් කරන ලදී. 2025 ඔක්තෝම්බර් 26 වන දින ආරම්භ වූ මෙම “Walk for Peace” (සාමය සඳහා වූ පාගමන) පෙබරවාරි 10, 2026 දින Washington D.C. හි අවසන් වූ අතර, මිලියන 5.8කට අධික සමාජ මාධ්‍ය අනුගාමිකයින් ඇති කර ගනිමින් ලෝකය පුරාම සිත් දිනා ගත්තා.
❓ මෙය කුමන ආකාරයේ සංචාරයක්ද?
මෙය “Walk for Peace” — සාමය, කරුණාව සහ අවධානය අවදි කිරීමට Vietnamese Theravada භික්ෂූන් වහන්සේලා 19 නමක් කළ අසාමාන්‍ය පා ගමනක්.
දින 108ක්, සැතපුම් 2,300 කට වඩා, දිනකට සැතපුම් 20 කට වඩා, හුදෙක් ඇවිදිමක් නොව, ජීවිතයට සහ ලෝකයට විශාල පණිවිඩයක්.
🤔විශේෂය කුමක්ද?
• භික්ෂූන් 3 නමක් නොනැවතී පයින්ම — අයිස් කුණාටු අතරින්වත් නතර වුණේ නැහැ.
• ඉන්දියානු සුනඛයා “Aloka” — ගමනේ සමාජ මාධ්‍ය තරුව වුනා.
• දිනකට දෙවරක් සාම ප්‍රචාරණ කතා පැවැත්වුවා.
• මුණගැසුණු අයට ආශීර්වාද කළා.

❓ ඇයි මෙතරම් ලෝකප්‍රසිද්ධ වුණේ?
සාමය ගැන කතා කළාට වඩා ඇත්තටම සාමය පැතිරුවා. ඒ නිසාම සමාජ මාධ්‍ය වල වේගයෙන් සංසරණය වුනා.
• Facebook: මිලියන 2.8
• Instagram: මිලියන 1.9
• එකතුව: මිලියන 5.8+
• Washington National Cathedral සිද්ධියට 20,000+ live viewers
රාජ්‍ය පිළිගැනීම්ද ලැබුණා — නගර, ප්‍රාන්ත “Walk for Peace Day” ලෙස ප්‍රකාශ කළා.

❓ අභියෝග තිබුනෙ නැද්ද?
😢නොවැම්බර් මාසයේ Houston ආසන්නයේ අනතුරකින්
Venerable Maha Dam Phommasan ගේ කකුල කපා හැරීමට සිදු වුණා.
ඒත් පණිවිඩය නතර වුණේ නැහැ — ඔහු wheelchair එකෙන්ම Washington D.C. වෙත එක් වුණා.
😢Aloka ද අසනීප වුණා — නමුත් සුව වී නැවත ගමනට එකතුවුනා.
❓ අවසානයේ මේ ලෝක සාම පා ගමනේ පණිවිඩය මොකද්ද?
Venerable Paññākāra ස්වාමීන් වහන්සේ කියන්නේ මෙහෙමයි:
“අපි සාමය ගෙන ආවෙ නැහැ — ඔබ ඇතුළත තිබෙන සාමය අවදි කළා.”
👉 අද ලෝකයට අවශ්‍ය වන්නේ වචන නොව, ක්‍රියාවයි. මේ ලෝක සාම පා ගමන අගයකරමින් ඔබත් ඔබේ අදහස කමෙන්ට් කරන්න.











0 Comments