← BACKBusiness

නවසීලන්තයේ ගංවතුරෙන් කිරි ගොවීන්ට දැඩි තර්ජනය.

BY DhanushPUBLISHED FEBRUARY 14, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ගොවිපොළවල් වෙත යන මාර්ග බාධාවට පත්වී, ගොවීන්ට දිනකට ලීටර් දහස් ගණනක් කිරි අලෙවිකිරීමට නොහැකිව,අපතේ හරින්නට සිදු වූ කණගාටුදායක පුවතක් වාර්තා වුනා.

🌊 ගංවතුර හානිය
මහාමාර්ග බිඳී, නායයෑම් ඇතිවීමෙන් කිරි ටැංකි රථ වලට ගොවිපොළවල් වෙත ළගාවීමට නොහැකි වුණා. ප්‍රදේශ කිහිපයක් හුදකලා වී, දුරකථන සන්නිවේදනත් අක්‍රීය වුණා.

😢 ගොවීන්ගේ දුක්
👉🏻ගවයන් 500ක් ඉහළ බිම්බිම්වලට ඉවත් කිරීමට සිදු වුණා.
👉🏻කිරි ගැනීමට නොහැකි වීමෙන් ගවයන්ට මැස්ටයිටිස් රෝගය වැළඳිය හැකි අවදානමක් තිබුණා.
👉🏻“කාටද ගොවියෙක් වෙන්න ඕනේ?” කියලා අසන ගොවීන්ගේ ප්‍රශ්නයෙන් ඔවුන්ගේ මානසික පීඩනය පැහැදිලි කරනවා.

🛣️ මාර්ග අලුත්වැඩියා කරනවද?
👷ප්‍රධාන මහාමාර්ග සහ ප්‍රාදේශීය මාර්ග දැඩි හානියට පත්ව, ඒවා නැවත පිළිසකර කිරීමට සවස් වන තෙක් කම්කරුවන් වැඩ කරමින් සිටියා.

💪 නමුත් තවමත් ඔවුන්ට ධෛර්ය තියනවා.
ගොවීන් නැවත කිරි දෙවීමේ ශාලා වෙත පැමිණ වැඩ ආරම්භ කළා. සමහර අය අසල්වැසි ගොවීන්ට උදව් කිරීමටත් කැපවුනා.

🌟 බලාපොරොත්තුව
ප්‍රාදේශීය සහාය රථ සහ ෆෙඩරේටඩ් ෆාමර්ස් සංවිධානය ගොවීන්ට උදව් කිරීමට සූදානම්. කිරි ගොවිපොළවල් වල කිරි පැය 48ක් තෙක් ගබඩා කළ හැකි වන අතර, සේවාව නැවත ආරම්භ කරන බලාපොරොත්තුව ඔවුන්ට තියෙනවා.

නිරන්තරයෙන් අභියෝග අධික වුවත්, ගොවීන්ගේ ධෛර්යය සහ ප්‍රජා සහය මේ තත්ත්වය ජය ගැනීමට මග පෙන්වනවා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *