
නවසීලන්තයේ රොලෙස්ටන් (Rolleston) සහ ග්රේමවුත් (Greymouth) අතර පිහිටි ප්රධාන මිඩ්ලන්ඩ් (Midland Line) දුම්රිය මාර්ගයේ ගමන් ගත් ඉන්ධන අඟුරු ප්රවාහනය කළ ‘කිවිරේල්’ (KiwiRail) සමාගමට අයත් දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. අඟුරු පටවාගත් මෙම දුම්රිය ක්රයිස්ට්චර්ච් (Christchurch) දෙසට ගමන් කරමින් සිටියදී ඕටිරා (Ōtira) උමඟ ආසන්නයේදී එහි පසුපසම මැදිරිය පීලි පැන ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය උමඟ තුළ නවත්වා ඇත. අනතුරෙන් දුම්රියට මෙන්ම දුම්රිය මාර්ග පද්ධතියට ද දැඩි හානි සිදුව ඇති නමුත්, වාසනාවකට මෙන් දුම්රිය සේවක මණ්ඩලයේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
සිදුවූ හානියේ ප්රමාණය ගණනය කරමින් පවතින අතර මාර්ගය හැකි ඉක්මනින් හා ආරක්ෂිතව යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව කිවිරේල්හි ඉංජිනේරු කළමනාකාරිනී ලින් මෝටන් (Lynne Morton) සඳහන් කළාය. මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය හැකි අතර, ප්රකට ‘ට්රාන්ස්ඇල්පයින්’ (TranzAlpine) සංචාරක දුම්රිය සේවය ද ආතර්ස් පාස් (Arthur’s Pass) දක්වා පමණක් සීමා කර ඇත. බලපෑමට ලක්වූ මගීන් සඳහා විකල්ප බස් රථ පහසුකම් සලසා දීමටත්, මුදල් ආපසු ගෙවීමට හෝ වෙනත් දිනයන් වෙන්කර දීමටත් ආයතනය කටයුතු යොදා තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්රවාහන අනතුරු විමර්ශන කොමිසම (Transport Accident Investigation Commission – TAIC) විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අනාගතයේදී සිදුවිය හැකි මෙවැනි අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් මෙම විමර්ශනය පවත්වන බවත්, දින කිහිපයක් ඇතුළත ක්ෂේත්ර නිරීක්ෂණ, දත්ත වාර්තා පරීක්ෂා කිරීම සහ සේවක මණ්ඩලයෙන් ප්රකාශ සටහන් කර ගැනීම සිදුකරන බවත් එහි ප්රධාන විමර්ශක ලුවිස් කුක් (Louise Cook) ප්රකාශ කළාය.

0 Comments