← BACKWeather

Wellington වලට සුනාමියක්ද?

BY DhanushPUBLISHED FEBRUARY 18, 20261 MIN READ0 COMMENTS

මීටර් 13.6ක් (තට්ටු හතරක් පමණ උස) මුහුදු රළක් ඇවිත්.

නවසීලන්තයේ Wellington ප්‍රදේශය ආසන්නයේ ඇති Cook Strait මුහුදු ප්‍රදේශයේ දැඩි කුණාටුවක් අතරතුර අති විශාල රළක් වාර්තා වූ බව පවසන පුවතක් මේ දිනවල විශාල අවධානයක් දිනාගෙන ඇත.

මුලදී වාර්තා වූයේ:

🌊 මීටර් 13.6ක් උස රළයක් (ගොඩනැගිලි මහල් 4ක් වගේ!) පැන නැගී තිබුණා කියලා.

නමුත් දැන් එම වාර්තාව පිළිබඳ සැකයක් මතුවී ඇත.

📍 මුලින්ම වාර්තා වූ දේ

Baring Head (Wellington අසළ) පිහිටි මුහුදු නිරීක්ෂණ බූයාවක් විසින්:

👉🏻ඉරිදා මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාවේ

👉🏻13.6m රළක් සටහන් කර ඇත

⚠️මෙය සත්‍ය නම් නවසීලන්ත වෙරළ ආසන්නයේ සටහන් වූ විශාලතම රළවලින් එකක් විය හැකි බවත් සඳහන් වුණා.

❗ නමුත් ගැටලුව මෙන්න…

මෙම විශාල රළ වාර්තාව ලැබුණේ:

⚠️ බූයාව (wave buoy) එම ස්ථානයෙන් බිඳී මුහුදට පාවී ගිය පසු බවයි.

ඒ නිසා නිලධාරීන් පවසන්නේ:

📌 රාත්‍රී 11ට පසුව ලැබුණු දත්ත

විශ්වාස කළ නොහැකි බවයි.

බූයාව මේ වනවිට ක්‍රියා විරහිත කර ඇති අතර, අලුත්වැඩියා කිරීම හෝ වෙනස් කිරීම සිදුකරනු ඇති බවයි.

📉 අවසන් විශ්වාසදායක රළ උස කොච්චරද?

බූයාව බිඳී යාමට පෙර ලැබුණු අවසන් නිවැරදි වාර්තාව අනුව:

✅ රළ උස සටහන් වූයේ මීටර් 7.1ක් ලෙසයි. එයද තවමත් ඉතා විශාල හා භයානක රළයක්.

🧠 විශේෂඥයන් කියන්නේ මොකද්ද?

Harbourmaster (වරාය පාලක නිලධාරීන්) පවසන්නේ:

Cook Strait වැනි ප්‍රදේශවල දැඩි කුණාටුවකදී මීටර් 10ට වැඩි රළ ඇතිවීම සාමාන්‍ය දෙයක් විය හැකි බව

නමුත් ඔවුන් කියන්නේ:

🚢 රළ උසට වඩා වැදගත් වන්නේ එම අවස්ථාවේ මුහුද ඉතා භයානක තත්ත්වයක තිබීමයි.

⚠️ මුහුදු ගමන් සඳහා දැඩි අනතුරක්

මෙම කුණාටුව නිසා:

👉🏻බෝට්ටු සහ නාවික සේවා

👉🏻Cook Strait ferry ගමන්

👉🏻මුහුද අසළ සිටින ජනතාව

සියල්ලටම දැඩි අවදානමක් තිබූ බව වාර්තා වෙනවා.

ඔබත් ඒ අවට ජීවත්වන කෙනෙක් නම් දැඩි අවදානයකින් පසුවෙන්න. ඔබේ ආරක්ෂාවට වැදගත් තොරතුරු නිතර දැනගන්න දැන්ම අපිව follow කරල තියාගන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *