
RNZ වාර්තාවක් අනුව, නවසීලන්තය පැසිෆික් රටවල් “අපේ පවුල” ලෙස කියමින් කතා කළත්,
දේශගුණ විපර්යසවල බලපෑම් ලබන ජනතාවට ප්‍රායෝගිකව සහය දෙනවද? යන්න පිළිබඳ දැඩි ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා.
පැසිෆික් රටවල් මුහුණ දෙන ගැටලුව මොකද්ද?
Kiribati, Tuvalu වැනි දූපත් රටවල් වල මුහුදු මට්ටම ඉහළ යාමෙන් බරපතළ අවදානමට ලක්වෙලා.
ගංවතුර, සුළි කුණාටු, පස් කදු නායයෑම වැනි ගැටලු වැඩි වෙමින් පවතිනවා.
එම නිසා බොහෝ පවුල් “අනාගතය සුරක්ෂිත කරගන්න” වෙනත් රටකට යාම ගැන සිතමින් සිටිනවා.
නවසීලන්තයේ දැනට තියෙන අවස්ථාව – Pacific Access Category (PAC)
නවසීලන්තයට පැමිණීමට ඇති ප්‍රධාන මාර්ගය Pacific Access Category (PAC) වීසා ක්‍රමයයි.
මේකෙන් අවසර ලැබෙන්නේ:
Kiribati – වසරකට 150 දෙනෙකුට.
Tuvalu – වසරකට 250 දෙනෙකුට
නමුත් කොන්දේසි ගොඩක් තියෙනවා:
වයස 45ට අඩු විය යුතුය
ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි
රැකියා යෝජනාවක් (Job offer) කලින් තිබිය යුතුයි
වෛද්‍ය පරීක්ෂණ, ගාස්තු ගෙවීම් අනිවාර්යයි
විශේෂඥයන් කියන්නේ –
මෙය දේශගුණ හේතුවෙන් සංක්‍රමණය සඳහා නිර්මාණය කළ වීසා ක්‍රමයක් නොවෙයි.එය සාමාන්‍ය රැකියා සංක්‍රමණ ක්‍රමයක් විතරක් බවයි.
විවේචන මොනවාද?
“දේශගුණ සරණාගත” පිළිගැනීමක් නැහැ
නවසීලන්ත නීතියේ “climate refugee” කියන විශේෂ කාණ්ඩයක් නැහැ.
දේශගුණ හේතුවෙන් ඉවත්ව යාමට බලාඉන්න ජනතාවට වෙනම ආරක්ෂිත මාර්ගයක් නැහැ.
පැමිණි පසු සහය අඩුයි
රැකියා සොයා ගැනීමේ සහය සීමිතයි
නිවාස, සෞඛ්‍ය සේවා ගැන උපකාර අඩුයි
රැකියාව නැති වුනොත් වීසා අවදානමට පත් වෙන්න පුළුවන්
ඒ නිසා “පවුල” කියන වචනයට සරිලන පද්ධතියක් නැති බව විවේචකයන් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාව වෙනස් මඟක
ඔස්ට්‍රේලියාව Tuvalu සමඟ “Falepili Union” ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
වසරකට 280ක් දෙනාට ස්ථිර වීසා අවස්ථාව ලබාදෙනවා.
වයස් සීමාවක් නැහැ
රැකියා යෝජනාවක් අවශ්‍ය නැහැ
මෙය “දේශගුණ ශරණාගත වීසා” ලෙස නම් කර නැතිවූවත්,
නවසීලන්තයට වඩා ලිහිල් ක්‍රමයක් ලෙස සැලකෙනවා.
විශේෂඥ මතය
දේශගුණ සංක්‍රමණය පිළිබඳ පර්යේෂකයන් කියන්නේ:
දේශගුණ ගැටලු, ආර්ථික ගැටලු, පවුල් හේතු — මේවා දැන් වෙන්කර බැලීම අසීරුයි.
පවතින වීසා පද්ධතිය දේශගුණ විපර්යස යථාර්ථයට ගැළපෙන්නේ නැහැ.
“පැසිෆික් පවුල” කියනවා නම්, ඒකට ගැළපෙන නව නීතිමය මාර්ගයක් අවශ්‍යයි.
ඔබේ අදහසට අනුව නවසීලන්ත රජය මේ ගැටළුවට කෙසේ මුහුණදිය යුතුද? ලංකාවේ අපිටත් මේ තීරණෙන් බලපෑමක් එල්ල වෙයිද? ![]()
![]()

0 Comments