
බ්‍රිතාන්‍ය රජ පවුලේ හිටපු සාමාජිකයෙකු වන Prince Andrew (Andrew Mountbatten-Windsor) 2026 පෙබරවාරි 19 වනදා උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු “public office misconduct” (පොදු නිලයේ අයුතු හැසිරීම) යන චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත්තේ කොහොමද?
Thames Valley Police නිලධාරින් උදෑසන ඔහු වාසය කළ Wood Farm නිවසට පැමිණ ඇත.
ඔහු එම ස්ථානයේ සිට පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබේ.
මෙය ඔහු රජයේ විශේෂ වෙළඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ කාලයේ සිදුවූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරීක්ෂණයකි.
පොලිස් භාරයේ පැය 10ක් – ඇතුළේ සිදු වූ දේ?
ඔහු පැය 10–11ක් පමණ පොලිස් භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇත.
එම කාලය තුළ:
ඔහුගේ කම්පියුටර් හා ඩිජිටල් උපාංග පරීක්ෂා කිරීම
ඇඟිලි සලකුණු හා DNA සාම්පල් ලබාගැනීම
පොලිස් ලේඛන සඳහා ඡායාරූප ලබාගැනීම
හිටපු රජ පවුල් සාමාජිකයෙකු වුවද, පොලිසිය පවසන්නේ සාමාන්‍ය සැකකරුවෙකු ලෙසම ක්‍රියා කර ඇති බවයි.
නිවස පරීක්ෂා කිරීම
පොලිසිය ඔහුගේ වාසස්ථාන දෙකක් සොයාබැලීය:
Sandringham Estate හි Wood Farm
Windsor Great Park හි Royal Lodge (පෙර වාසස්ථානය)
“Released Under Investigation” කියන්නේ මොකක්ද?
සවස ඔහු “Released Under Investigation” ලෙස මුදා හැර තිබේ.
එයින් අදහස් වන්නේ:
තවමත් චෝදනා ගොනු කර නැහැ
පරීක්ෂණ තවදුරටත් සිදු වේ
සාක්ෂි අනුව ඉදිරියේදී චෝදනා ගොනු විය හැක
ලෝක මාධ්‍යයේ දැඩි අවධානය
මෙම සිද්ධිය බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලෝක මාධ්‍ය තුළද දැඩි අවධානයක් ලබාගෙන ඇති පුවතක් වුනා.රජ පවුල සම්බන්ධ තවත් නීතිමය ගැටළුවක් ලෙස මෙය සැලකෙනවා.
බ්‍රිතාන්‍ය රජ පවුලත් ලංකාවේ හිටපු රජ පවුල වගේද කියල දැන් ඔබටත් හිතෙනව ඇති? ![]()

0 Comments