← BACKCrime

නවසීලන්තයේ “Prediction Markets” දැන් නීතිවිරෝධීයි!

BY Dhanush•PUBLISHED FEBRUARY 22, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ Department of Internal Affairs (DIA) විසින් අලුත් තීරණයක් ගෙන තිබෙනවා. Kalshi සහ Polymarket වැනි “prediction market” වෙබ් අඩවි දැන් නවසීලන්ත නීතියට අනුව නීතිවිරෝධී සූදු (gambling) ලෙස සලකනු ලබනවා.

🔎 “Prediction Market” කියන්නේ මොනවද?

Prediction markets කියන්නේ:

👉🏻අනාගතයේ සිදුවන දේවල් ගැන මුදල් දාලා අනාවැකි කියන වෙබ් අඩවි.

👉🏻උදාහරණයක් විදිහට 👉 මැතිවරණ ප්‍රතිඵල, ක්‍රීඩා ප්‍රතිඵල, ආර්ථික දත්ත වගේ දේවල්.

👉🏻ඒවා “වෙළඳාමක්” (trading) ලෙස හඳුන්වුවත්, DIA කියන්නේ මේවා සම්පූර්ණයෙන්ම සුදූ ක්‍රියාවක් කියලා.

⚖️ රජයේ තීරණය – මොනවද වෙනස් වෙන්නේ?

✅ වැදගත් කරුණු:

👉🏻Prediction markets NZ gambling නීතියට අනුව නීතිවිරෝධී.

👉🏻නවසීලන්තයේ ලියාපදිංචි නොවූ (licensed නොවන) සමාගම් වලට මෙවැනි සේවා දීමට අවසර නැහැ.

👉🏻Kalshi සහ Polymarket වැනි සමාගම්වලට NZ පාරිභෝගිකයින්ට සේවා නවත්වන්න කියලා දැනුම්දීලා තියෙනවා.

👉🏻තාක්ෂණිකව වෙබ් අඩවි වලට පිවිසිය හැකි වුවත්, ඒවා නීතිවිරෝධී සේවා ලෙස සලකනවා.

🏛️ නවසීලන්තයේ සූදු නීති ගැන තවදුරටත්

👉🏻නවසීලන්තයේ සූදු ක්‍රියාකාරකම් දැඩි පාලනයකට යටත්.

👉🏻TAB වැනි අනුමත ආයතන වලට පමණක් නීතිගත ලෙස ඔන්ලයින් බෙට් කිරීමේ අවසර තියෙනවා.

‼️නව Online Casino Licensing Bill එකක් ගැනත් සාකච්ඡා වෙමින් පවතිනවා, නමුත් prediction markets වලට ඒක අදාල නැහැ.

🌍 ලෝකය පුරාම මේ ගැන සැලකිලිමත්

නවසීලන්තය පමණක් නෙවෙයි.

නෙදර්ලන්තය වැනි රටවල්ද Polymarket වැනි platform වලට නීතිමය පියවර ගන්නා බව වාර්තා වෙනවා.

මේ දවස් වල තියන ක්‍රිකර් උණුසුමත් සමග ඔබත් මෙවැනි වෙබ් අඩවි වලට හසුවෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රීඩා කිරීමට පෙර එහි නීත්‍යනුකූලභාවය පරික්ෂා කර බලන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *