← BACKWeather

ඉදිරියේදී තද සීතල කාළගුණයක් පැමිණෙයි!” – නවසීලන්තය පුරා උෂ්ණත්වය දැඩි ලෙස පහළට.

BY DhanushPUBLISHED FEBRUARY 24, 20261 MIN READ0 COMMENTS

🌬️ දකුණු දිවයිනෙන් ආරම්භ වන ශීතල සුළඟ

💨නව වාර්තා අනුව, නවසීලන්තය වෙත බලවත් සීතල වායු රැල්ලක් (Cold Front) පැමිණෙමින් තිබේ. මෙය මුලින්ම දකුණු දිවයිනට බලපාමින්, පසුව උතුරු දිවයින වෙත පැතිර යනු ඇත.

📉 උෂ්ණත්වය 10°C පමණ දක්වා පහළ යා හැක!

🔵 දකුණු දිවයින

👉🏻Dunedin – උෂ්ණත්වය 18°C පමණ සිට 9–10°C දක්වා පහළ යා හැක.

👉🏻Timaru – දින දෙකක් ඇතුළත 10°Cක පමණ පහත වැටීමක් අපේක්ෂිතයි.

👉🏻Christchurch – දිවා උෂ්ණත්වය 15–16°C පමණට සීමා විය හැක.

🔵 උතුරු දිවයින

👉🏻Wellington – දිවා 14°C පමණ, රාත්‍රියේ සීතල වැඩිවේ.

👉🏻Taupō – සාමාන්‍යය අගයට වඩා සිසිලක් දැනෙයි.

👉🏻Auckland සහ Hamilton – දකුණට වඩා උණුසුම් වුවත්, පසුගිය දිනවලට වඩා සීතලයි.

🌧️ වැසිත් සමඟ සීතල කාළගුණයක්.

👉🏻සීතල වායු රැල්ල සමඟ වැසි හෝ ඉඳහිට වැසි තත්ත්වයන් ඇතිවිය හැක.

‼️සීතල තත්ත්වය සති අග දක්වාත් දිගු විය හැක.

🧥 ඔබ සූදානම්ද?

✔ උණුසුම් ඇඳුම් සූදානම් කරගන්න.

✔ උදෑසන සහ රාත්‍රියේ විශේෂයෙන් සැලකිලිමත් වන්න.

✔ වාහන ධාවනයේදී තෙතමනය සහ සුළඟ පිළිබඳ අවධානයෙන් සිටින්න.

👉 සීතලට සූදානම් වෙන්න! මේ වසරේ මේ තරම් දැඩි සීතලක් මෙතෙක් නොමැති බවට වාර්තා වේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *