
2026 පෙබරවාරි 12 සහ 13 දිනයන්ට අදාළව Air New Zealand හි ජාත්‍යන්තර ගුවන් සේවකයන් විරෝධතා ක්‍රියාදාමයක් (ස්ට්‍රයික්) සිදුකරන බව තහවුරු කර ඇත.
🛫 විරෝධතා මගින් බලපෑම් වන්නේ
විශාල ප්‍රමාණයේ ජාත්‍යන්තර ගුවන් යානා (Boeing 777 සහ 787) මත වැඩි බලපෑමක්.
එය ඇමරිකා, ආසියානු සහ දිගු දුර ගමන් කරන ගුවන් සේවාවන් මත බලපායි.
නමුත්, නවසීලන්ත තුළ Domestic ගුවන් සේවාවන්ට විශාල බලපෑමක් ඇති නොවෙයි.
📣 ගුවන් සමාගමේ සැලසුම්
ගුවන් සමාගම ආරක්ෂා සහිතව ගමන් මගීන්ට විකල්ප ලබා දීම, රිෆන්ඩ් සහ යළි වෙන්කර දීම සදහා ඉඩ සලසා දෙයි.
බලපෑම් ඇති මගීන්ට පෙර දැනුම්දීමක් සිදුකරයි.
🧑✈️ විරෝධතාවයට හේතු මොනවාද?
ගුවන් සේවකයන්ගේ සංගමය කියන්නේ, වැටුප් සහ රැකියා තත්වයන් පිළිබඳ ගැටළු මුල් කරගනිමින් මෙම විරෝධතාව සිදුකරන බවයි.
වැඩ කරන අයට ජීවන වියදම සමඟ සරිලන වැටුප් ලබා නොදීම විරෝධතාවයට හේතුවක් බව සංගමය වැඩිදුරටත් පවසයි.
🗓️ වැඩි දුර තොරතුරු;
ප්‍රධාන විරෝධතා 2026 පෙබරවාරි 12–13 දිනයන්හි සිදු වන අතර සමාගම මීට පෙර වූ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන ඇත.
කෙසේවෙතත් ඔබ රටින් පිටවීමට හෝ නැවත පැමිණීමට බලාපොරොත්තු වන අයෙක් නම් මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියල ලක්කිවි අපි මතක් කරනව.

0 Comments