← BACKEconomy

නවසීලන්තයේ රැකියා අනුපාතය 5.4% දක්වා ඉහළ යයි.වසර 10ක් ඇතුළත වූ ඉහළම අගය ගනියි.

BY Dhanush•PUBLISHED FEBRUARY 4, 2026•1 MIN READ•0 COMMENTS

මොකද්ද මේ රැකියා ලැබීමේ අනුපාතය 5.4% කියන්නේ?
👉 රැකියා කිරීමට සූදානම්, සක්‍රීයව රැකියා සොයන පුද්ගලයන් 100 දෙනෙක්ගෙන් 5–6 දෙනෙක්ට රැකියාවක් නොමැතිව සිටින තත්ත්වයක්.

📌 2015 සිට මේ දක්වා ඉහළ අගයක් වාර්තා නොවුන එකෙන් අදහස් වන්නේ මොනවාද?
• වසර 10කට පසු
• ආර්ථික පීඩනය දැන් සෘජුවම රැකියා වෙළඳපොළට බලපාල තියෙනවා කියන එක.

👥 රැකියාවක් නැති පුද්ගලයන් 165,000 ක් – මේ තත්වය බරපතළද?
ඔව්. මෙය ඉතා බරපතළයි.

🔹 165,000ක් කියන්නේ:
• ගෙවල් කුලී ගෙවන්න බැරි වෙන්න පුළුවන් පවුල්
• ණය, credit card, mortgage වලින් පීඩනයට පත්වෙන ජනතාව
• රජයේ welfare / benefit මත යැපෙන්න සිදුවෙන පිරිස වැඩිවීම වැනි ගැටළු ඇතිවෙන්න පුළුවන්.
📌 මෙය සමාජයටත්, රජයේ වියදම් වලටත් දෙගුණය බරක්.
⸻

👷‍♂️ “වැඩ කරන පිරිසත් වැඩි වෙලා” ඒ කියන්නේ මොකද්ද?

මෙතන තියෙන්නේ confusing නමුත් වැදගත් point එකක්.

🔹 රැකියා කරන අය වැඩි වෙලා
🔹 රැකියා සොයන අයත් වැඩි වෙලා

👉 ඒ කියන්නේ:
• ජනගහනය (immigration + youth population) වැඩිවෙලා
• වැඩ කරන්න කැමති, සූදානම් අය වැඩි
❌ නමුත් නව රැකියා නිර්මාණය ඒ ප්‍රමාණයට සාපේක්ෂව වැඩි වෙන්නේ නැහැ

📌 එතනින් තමයි “competition for jobs” තරගකාරිත්වය වැඩි වෙන්නේ.

⸻

📊 වැඩ කරන අයගේ අනුපාතය 66.7% ක්.

මෙයින් අදහස් වෙන්නේ:
• වැඩ කිරීමට හැකි වයසක ජනතාවගෙන් 66.7%ක් පමණක් මේ මොහොතේ රැකියාවක නිරත වන බව.

📉 මේ අගය පහළ යනකොට:
• ආදායම් එකතුව අඩුවෙනවා.
• පාරිභෝගික වියදම් (spending) අඩුවෙනව.
• එතකොට economy එක slow වෙනවා.

⸻

📈 රැකියා සොයන හෝ දැනටමත් වැඩකරන පිරිසේ සක්‍රීයභාවය 70.5% ක පවතිනවා. මෙය හොඳද, නරකද?

🔹 මේක හරියටම දෙපැත්ත කැපෙන කඩුවක් වගේ.

✔️ හොඳ පැත්ත:
• ජනතාව වැඩ කරන්න කැමතියි
• ඒ නිසා පසුගාමී ආර්ථිකයක් නෙමෙයි තියෙන්නෙ.

❌ නරක පැත්ත:
• වැඩ කරන්න කැමති පිරිස වැඩියි.
• නමුත් jobs ප්‍රමාණය අඩුයි.
👉 මේකෙන් frustration, mental stress, youth disappointment වැඩිවෙනවා
⸻

⚠️ Underutilisation 13% පවතින්නෙ මට්ටමේ – මේක තමයි ඇත්තටම අර්බුදයේ හදවත.

මෙය බොහෝ අය නොසලකා හරින නමුත් ඉතා වැදගත්.

🔹 13% කියන්නේ:
• full-time job එකක් කරන්න කැමති
• නමුත් part-time / casual job එකක් විතරක් තියෙන අය
• නැත්නම් අඩු පැය ගනණක් වැඩ ලැබෙන අය

📌 මේ අය officially employed වුණත්:
• ආදායම ප්‍රමාණවත් නෑ
• ජීවන වියදම් cover වෙන්නේ නැහැ

👉 “working poor” කියන කාණ්ඩය මෙතනින් වැඩි වෙලා.

⸻

💰 සාමාන්‍ය පැය වැටුප NZ$43.99 – ඇත්ත තත්ත්වය මොකද්ද?

ඇහෙද්දි හොඳයි වගේ පෙනුනත් ඇත්තටම,

🔹 මෙය average එකක්:
• high-paying professionals
• low-paid service workers
👉 දෙකම එකට ගැලපෙලා ගත් අගයක්

📉 නමුත්:
• rent
• food
• transport
• utilities
වැඩිවෙලා තියෙන නිසා real buying power එක අඩුයි

⸻

💬 මේ සියලු දේ ගැන සලකාබලද්දි, අන්තිමට අපිට හිතන්න ඉතුරු වෙන්නෙ මොනවද?

👉 නවසීලන්තයේ රැකියා වෙළඳපොළ:
• pressure එකට ලක්වෙලා
• jobs < job seekers
• youth & low-income workers ප්‍රමාණය විශාල අගයක් වෙලා.

⚠️ රජයක් ලෙස job creation, housing support සහ skills development යන අංශ ගැන දැඩි අවධානයක් යොමු නොකලොත්,

📉 ආදායම් අඩුවවෙලා
📈 ජීවන වියදම් හා පීඩනය වැඩි වෙලා

සමාජ අසමතුලිතතාවය තව තවත් වැඩිවෙන්න පුළුවන්.

අපි කැමතියි මේ ගැන ඔබේ මතය දැනගන්න. ඔබේ අදහස් හා යෝජනා පහළින් කමෙන්ට් කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *