← BACKBusiness

නවසීලන්තයෙන් ධනපති විදෙස් ආයෝජකයින්ට විශේෂ අවස්ථාවක්!

BY Dhanush•PUBLISHED FEBRUARY 5, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්ත රජය විසින් නව නීති සංශෝධනයක් හඳුන්වාදී තිබෙන අතර, විශේෂ ආයෝජක වීසා ඇති විදේශිකයින්ට දැන් නවසීලන්තයේ ඉහළම වටිනාකමක් සහිත නිවසක් මිලදී ගැනීමට ඉඩ ලබාදීමට රජය සූදානමින් සිටිනව.

🔑 කාටද මේ විශේෂ අවස්ථාව ලැබෙන්නේ?

👉 Active Investor Plus (AIP) වීසා ඇති පුද්ගලයින්ට පමණයි

👉 එක් නිවසක් පමණක් මිලදී ගන්න පුළුවන්

👉 ඒ නිවසේ වටිනාකම අවම වශයෙන් NZ$ මිලියන 5(ආසන්න වශයෙන් රු. කෝටි 90ක්)

මෙය සාමාන්‍ය නිවාස වෙළඳපොළට කිසිසේත්ම බලපාන්නේ නැහැ.

👉 මෙහි බලපෑම ඉතා සුඛෝපභෝගී (Luxury) නිවාස වෙළඳපොළට පමණයි.

❗ ඇයි මෙය කලින්ට වඩා වෙනස් වෙන්නෙ?

📌 සාමාන්‍යයෙන් නවසීලන්තයේ විදේශිකයින්ට නිවාස මිලදී ගැනීම තහනම්

📌 මේ නව නීතියෙන් එම තහනම ඉවත් කරන්නේ නැහැ

📌 විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජන කරන අය සඳහා පමණක් විශේෂ වරප්‍රසාදයක් ලෙස හිමිවෙනවා.

රජයේ අරමුණ මොකද්ද?

💰 විදේශ ආයෝජන රටට ගෙන ඒම.

🏘️ නමුත් සාමාන්‍ය ජනතාවගේ නිවාස මිල ඉහළ යාම වැළැක්වීම.

📅 මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ කවදා සිටිද?

📌 නීතිය සම්මත කරලා ඉවරයි.

📌 2026 මුල් භාගයේදී නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

එතෙක් පෙර පැවති නීතියම වලංගුයි.

📊 නිවාස වෙළඳපොළට මෙහි බලපෑමක් තියනවද?

🏘️ NZ$5 මිලියනට වඩා වටිනා නිවාස නවසීලන්තයේ මුළු නිවාස වලින් 1%කටත් අඩුයි. කිසිදු බලපෑමක් නොමැත.

✨ කෙටියෙන් කියනවා නම්

මෙය නවසීලන්තය තෝරාගන්නා ධනවත් ආයෝජකයින්ට විශේෂ දොරටු විවර කිරීමක්.නමුත් සාමාන්‍ය නිවාස වෙළඳපොළ තවමත් ආරක්ෂිතයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *