← BACKCrime

ගංජා වගාකරුට නවසීලන්ත උසාවියෙන් දුන් දඩුවම,වෙනස් කරයි.

BY DhanushPUBLISHED FEBRUARY 5, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ දුරස්ථ ප්‍රදේශයක විශාල පරිමාණයෙන් නීතිවිරෝධී ගංජා වගාවක් කළ බවට වරදකරු වූ Aaryn Barlow නමැති පුද්ගලයාට නියම කර තිබූ දඩුවම අධිකරණය විසින් වෙනස් කරලා තියෙනවා.

🔍 ඔහු චෝදනා ලැබූයේ?

👉 විශාල පරිමාණයෙන් ගංජා වගා කිරීම

👉 Psilocybin (magic mushrooms) වැනි මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම

👉 ගංජා බීජ නීතිවිරෝධී ලෙස ආනයනය කිරීම

👉 සහ ගංජා සම්බන්ධ සපයන/බෙදාහැරීමේ චෝදනා

මෙම චෝදනා සියල්ල අධිකරණය හමුවේ ඔහු පිළිගත් බව සඳහන් වුණා.

🧑‍⚖️ ඇයි දඩුවම වෙනස් කළේ?

📍 ඔහු ජීවත් වන්නේ දුරස්ථ ගම්මානයක.දුරකථන signal නැති, අන්තර්ජාලයත් හරිහැටි නොලැබෙන ප්‍රදේශයක.

⚠️ මේ හේතුව නිසා,

Electronic ankle monitor එක නිසි ලෙස ක්‍රියා නොකරන බවට නීති අංශය අධිකරණයට පැහැදිලි කරලා තියෙනවා.

⏰ නව දඩුවම මොකක්ද?

🚫 ඇන්කල් මොනිටර් ඉවත් කරයි❌

✅ නමුත් රාත්‍රී කාලයේ නිවසේ රැඳී සිටිය යුතුයි. (Night Curfew)

👉 නියමිත රාත්‍රී වේලාවන් තුළ ඔහුට නිවසින් පිටව යාමට අවසර නැහැ

මෙය නීතිය සියලු දෙනාට සමාන නමුත්, තාක්ෂණික ගැටලු සහ භූගෝලීය සාධක සලකාබලා, යතාර්තයට ගැළපෙන ලෙස අවස්ථානුකූලව තීන්දුව වෙනස් කිරීම, අධිකරණ පද්ධතියේ විශිෂ්ටත්වය පෙන්වාදුන් අවස්ථාවක්.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *