← BACKUncategorized

Wellington මුහුදට කුණු ජලය මිලියන ගණනින් මිශ්‍ර වෙයි.– ජනතාවට දැඩි අනතුරු ඇඟවීම්

BY DhanushPUBLISHED FEBRUARY 7, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ වෙලින්ග්ටන් නගරය මේ දිනවල දැඩි පාරිසරික අර්බුදයකට මුහුණ දී ඇත. අධික වර්ෂාවත් සමඟ Moa Point කුණු ජල පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ බරපතළ බිඳවැටීමක් සිදුවීමෙන්,

දිනකට ලීටර් මිලියන 70කට අධික පිරිසිදු නොකළ කුණු ජලය සෘජුවම මුහුදට ගලා යමින් ඇත.

⚠️ ජනතාවට ආරක්ෂා වෙන්න උපදෙස්!

අදාළ ප්‍රදේශවල –

❌ මුහුදට පිවිසීම

❌ මසුන් හෝ shellfish (කායි මෝනා) එකතු කිරීම

❌ බල්ලන් සමඟ වෙරළට යාම

දැඩිව තහනම් කර ඇත.

🐟🌿 සමුද්‍ර ජීවීන්ට දැඩි අවදානමක්

Taputeranga Marine Reserve ආශ්‍රිතව මසුන්, mussels, pāua, penguins වැනි සමුද්‍ර ජීවීන්ට දැඩි බලපෑම් ඇතිවිය හැකි බව පරිසර ආරක්ෂණ අංශ අනතුරු අඟවයි.

🔧 අලුත්වැඩියා කටයුතු – මාස ගණන් ගත විය හැක

Wellington Water ආයතනය පවසන්නේ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට මාස කිහිපයක් ගත විය හැකි බවයි. මේ වනවිට සමහර අවස්ථාවලදී පිරිසිදු කළ ජලය පමණක් මුහුදට නිකුත් කිරීමට උත්සාහ දරමින් සිටියද, අවදානම තවමත් පවතී.

🏛️ නගරාධිපතිගේ ප්‍රකාශය

වෙලින්ග්ටන් නගරාධිපති Andrew Little මේ සිදුවීම

“භයානක පද්ධති අසාර්ථකතාවයක්” ලෙස හඳුන්වා දෙමින්,

මෙයට හේතු සොයා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

🧠 තත්වය මෙතරම බරපතල ඇයි?

පිරිසිදු නොකළ කුණු ජලය තුළ ඇති බැක්ටීරියා හා වෛරස් මිනිසුන්ටත්, සතුන්ටත් බරපතළ රෝග අවදානම් ඇති කරයි. එමෙන්ම මෙය නවසීලන්තයේ පාරිසරික ආරක්ෂාව පිළිබඳ මෙය විශාල ප්‍රශ්නයක් ඇතිකළ හැකිය.

📌 අනතුරු ඇගවීම් තවමත් ක්‍රියාත්මකයි – මුහුදෙන් ඈත් වී සිටින්න!

Wellington ජීවත් වෙන ඔබේ මිතුරන්ගේ දැනගැනීමට ශෙයා කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *