
University of Otago පර්යේෂණයකින් හෙළි වෙන්නේ, නවසීලන්තයේ බහුතර ජනතාව NZ Super විශ්‍රාමික වැටුපේ අනාගතය ගැන කනස්සල්ලෙන් ඉන්න බවයි.
පර්යේෂණයෙන් හෙළි වූ ප්‍රධාන කරුණු
• 1,300කට ආසන්න පිරිසක් survey කරලා තියෙනවා
• 61% දෙනා විශ්‍රාම වයස 67 ට වැඩි කරන්න විරුද්ධයි
• 65 වයස තබාගැනීම ඉතා වැදගත් කියලා බහුතරයක් කියනවා
• ආදායම බලලා වැටුප් දීම (means testing) ට බහුතරයක් එකඟ නෑ
• අනාගත පරම්පරාව වෙනුවෙන් tax ටිකක් වැඩි කරන එකට කැමතියි
ඇයි මේ ගැන බයක් ඇතිවෙලා තියෙන්නේ?
• 2024දී NZ Super සඳහා වියදම් වුනේ ඩොලර් බිලියන 21කට වඩා අඩුවෙන්.
• 2028/29 වෙද්දී ඒක ඩොලර් බිලියන 29ට ළඟා වෙයි කියල මත පළකරනවා.
• වැඩිහිටි ජනගහනය වැඩි වෙමින් තියෙනවා
• වැඩ කරන ජනතාව අඩු වෙමින් තිබෙන නිසා tax බර වැඩි වෙනවා
• Treasury එක අනාගත ආර්ථික පීඩනය ගැන දැනටමත් අනතුරු අඟවලා තියෙනවා
රජයේ දැනට තියෙන තත්ත්වය
• විශ්‍රාම වයස තවමත් 65යි
• නව නීතියක් තහවුරු වෙලා නෑ
• Residency අවශ්‍ය කාලය 10 සිට 20 වසර දක්වා ක්‍රමයෙන් වැඩි වෙනවා.
• KiwiSaver දායකත්වය ටිකෙන් ටික ඉහළ ගිහින් තියෙනවා.
අනාගතයේ බලපාන්නේ කාටද?
• වැඩකරන තරුණ ජනතාවට අනාගතයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්
• වයස 40–50 අතර අයට වැඩි බලපෑම් ඇති වෙයි
• 60ට වැඩි අයට මේ වෙනස්කම් බලපාන්නේ නැහැ.
• දැනට NZ Super ලබන අයට නව නීති අදාළ වෙන්නෙ නෑ.
අවසාන වශයෙන්;
NZ Super නවසීලන්තයේ විශ්‍රාමික ආදායමේ මූලික පදනමයි.
නමුත් අනාගතයට මේ පද්ධතිය වෙනස් නොකළොත්, ඉදිරියට එන පරම්පරාවට බරක් වෙන බව විශේෂඥයෝ කියනවා.
ඔබේ අදහස මොකක්ද?
විශ්‍රාම වයස වැඩි කරන්නද?
ආදායම බලලා වැටුප් දෙනවද?
නැත්නම් tax වැඩි කරන්නද? ![]()

0 Comments