
ලොව පුරා අපරාධකරුවන් 800 ක් අත්අඩංගුවට ගනියි.
Auckland හි ක්‍රියාත්මක වූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමක් FBI හි සහ ඕස්ට්‍රේලියානු Federal පොලිසිය විසින් ඇටවූ ඉතිහාසයේ විශාලතම උගුලකට හසුවුනා. ඒ FBI විසින් මෙහෙයවූ ‘ආරක්ෂිත’ ඇප් එකක් භාවිතා කරමින් සිදුකෙරූ මෙහෙයුමකට අනුවයි.පසුව ඔවුන් වරද පිළිගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මෙම සැකකරුවන් භාවිතා කළ ‘Anom’ නම් ඇප් එක බුද්ධිමය ආයතන විසින්ම නිර්මාණය කර අපරාධකරුවන්ට විකුණන ලද්දක් බව අනාවරණය වුණා.
මෙම අපරාධ නිරීක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වූයේ කෙසේද?
2018 වසරේ FBI විසින් ‘Phantom Secure’ නම් ප්‍රසිද්ධ සංකේතාත්මක පණිවිඩ සමාගම වසා දැමීමෙන් පසුව, අපරාධකරුවන් අතර ආරක්ෂිත සන්නිවේදනය සඳහා විශාල අවශ්‍යතාවයක් ඇති විය.
මෙම හිඩැස උපයෝගී කරගනිමින් FBI විසින්:
‘Anom’ නම් නව සංකේතාත්මක ඇප් එකක් නිර්මාණය කළා
Google Pixel දුරකථන වල විශේෂ සංස්කරණ අපරාධකරුවන්ට විකුණුවා
සෑම පණිවිඩයක්ම ස්වයංක්‍රීයව FBI නිලධාරීන් පිටපත් කළා
Auckland හි අත්අඩංගුවට ගත් අය කවුද?
බරපතල අපරාධ වලට සම්බන්ද පුද්ගලයන් 5 දෙනෙක් හා මහා මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටි අයෙක්.
ප්‍රධාන සැකකරු Nafetalai Solomone:
චෝදනා 24 කට වරද පිළිගත්තා.
කිලෝග්‍රෑම් 750 ක් මෙතම්ෆෙටමින් ආනයනය කිරීමට කුමන්ත්‍රණය කරල තිබුනා.
ඩොලර් මිලියන 1.8 ක මුදල් විශුද්ධිකරණයක් සිදු කළා.
ගිනිඅවි 7 ක් සහ උණ්ඩ 750 කට වඩා තබා ගෙන සිටියා
සෙසු සැකකරුවන්:
කිලෝග්‍රෑම් 30 ක් මෙතම්ෆෙටමින් බෙදාහැරීම සහ සන්තකයේ තබා ගැනීම.
මත්ද්‍රව්‍ය බෙදා හැරීමට සංවිධානය කිරීම.
Operation Trojan Shield යනු කුමක්ද?
2018 සිට 2021 දක්වා FBI, AFP සහ Europol එක්ව මෙම ඉතිහාසයේ විශාලතම අපරාධ නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කළා.
ප්
එහි ප්‍රතිඵල ලෙස ;
මේ වෙනුවෙන් රටවල් 16 ක් සහභාගී වුනා.
අපරාධකරුවන් 800 කට වඩා අත්අඩංගුවට ගැනුනා.
පණිවිඩ මිලියන 27 ක් නිරීක්ෂණය කළා.
විද්‍යුත් උපාංග(Device) 12,000 ක් අපරාධකරුවන්ට බෙදා හැරියා.
කොකේන් ටොන් 8 ක්, ගංජා ටොන් 22 ක් අත්අඩංගුවට ගැනුනා.
ඩොලර් මිලියන 48 ක් සහ සුඛෝපභෝගී වාහන 55 ක් අත්අඩංගුවට ගත්තා.
නවසීලන්තයට ඇති බලපෑම කෙබඳුද?
New Zealand Police විසින් 2019 ඔක්තෝබර් සිට 2020 නොවැම්බර් දක්වා Auckland හි ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම නිරීක්ෂණය කළා.
අනාවරණය වූ තොරතුරු මොනවාද?
Anom ඇප් එකේ විවිධ අංශ යටතේ ක්‍රියාත්මක වුනා.ඒ අතරින්
මත්ද්‍රව්‍ය, මුදල්, ණය ගැන විවෘතව සාකච්ඡා කරපු තොරතුරු එලියට ආවා.
වරාය සේවකයෙකු සමඟ සම්බන්ධ වී හොර පාරෙබ්
මත්ද්‍රව්‍ය ආනයනයක් සංවිධානය කළා.
නීති විරෝධී ගිනි අවි හුවමාරුකරගත්තා.
අධිකරණ ක්‍රියාමාර්ගය කුමක් වෙයිද?
මැයි මාසයේදී දඬුවම් නියම කෙරෙනු ඇත. Solomone ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විය හැකියි. මෙම සැකකරුවන් 6 දෙනෙකු අතරින් එක් අයෙකුට එරෙහිව චෝදනා ඉල්ලා අස්කර ගැනීමට Crown එකඟ විය.
අන්තර්ජාතික අපරාධ කණ්ඩායම්වලට එරෙහිව තාක්ෂණය භාවිතා කරමින් බුද්ධිමය ආයතන ලොව පුරා සිදු කරන මෙවැනි මෙහෙයුම් ගැන ඔබේ අදහස කුමක්ද?
මට නම් හිතෙන්නෙ Detective ෆිල්ම් එකක් කරන්න පුළුවන් විදියෙ වැඩක් කියල.![]()

0 Comments