
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයින් 12 දෙනෙකුට අද (11) මරණ දඬුවම නියම කෙරුණි.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මෙම ඉතා වැදගත් නියෝගය ලබා දුන්නා.
📌 වසර දෙකහමාරක දිගු නඩු විභාගයක්
2023 වසරේ සිට අඛණ්ඩව වසර දෙකහමාරකට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව, මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විනිසුරු මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කෙරුණි.
📍 සිද්ධිය සිදුවූ ආකාරය
2022 මැයි 9 වැනිදා, අරගලය පැවති සමයේ, අරලිය ගහ මන්දිරයේ පැවති ජන හමුවකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා, නිට්ටඹුව නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත පිරිසකගේ පහරදීමකට ලක්ව ජීවිතක්ෂයට පත් විය.
මෙම සිද්ධිය CCTV කැමරා දර්ශනවලද සටහන් වී තිබුණි.
🔍 CID විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග
සිද්ධිය සම්බන්ධ විමර්ශන CID සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන කොට්ඨාසය විසින්, එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර, 41 දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදී.
⚖️ විශේෂ විනිසුරු මණ්ඩලයක්
මෙම නඩුව විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත් කරන ලදී.
📄 නඩුවේ තත්ත්වය
අධි චෝදනා 14ක් යටතේ විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබූ අතර, එයින් දෙදෙනෙකු නඩු විභාගය අතරතුර මියගොස් තිබූ අතර, තවත් දෙදෙනෙකු අධිකරණය මඟහැර පලාගොස් ඇත.
ඉතිරි විත්තිකරුවන් සමඟ නඩුව අවසන් තීන්දුවට පත් විය.
සැකකරුවන්ගේ අදහස් ප්‍රකාශකිරීමට ඉඩ ලබාදුන් පසුව අධිකරණයේ විදුලි බුබුළු සහ විදුලි පංකා සියල්ල නිවා දමා අධිකරණ ශාලාව නිශ්ශබ්ද කරනු ලැබුවා.පසුව වරදකරුවන් වූ 12 දෙනෙකුට එකවර මරණ දඩුවම නියම කරනු ලැබුවා.ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තරුණයන් ය.
මෙම නඩුවේ අපහසුම කාරණය වූයේ සැකකරුවන්ගේ අනන්‍යතාව තහවුරුකරගැනීමයි. මොකද කිසිදු ඇසින් දුටු සාක්ෂියක් තිබුනේ නැහැ. නමුත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෝහාරිකව විශ්ලේෂණය ඔස්සේ සැකකරුවන් හදුනාගෙන, ඒ අනුව තීන්දුව ලබාදුන් පළමු නඩු විභාගය මෙයයි.
මේ පිළිබද ඔබට ඇත්තේ කිනම් මතයක්ද? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න.

0 Comments