← BACKEconomy

නවසීලන්තයට ගෑස් ටර්මිනලය, අලුත් බද්දක් වෙයිද?

BY DhanushPUBLISHED FEBRUARY 10, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඩොලර් බිලියනයක LNG ගෑස් ආනයන ටර්මිනලයක් ඉදිකිරීමට රජය තීරණය කළත්, විදුලි බිල්පත්වලට අතිරේක ගාස්තුවක් එකතු වෙයි. රජය මෙය විදුලි මිල අඩු කිරීමට හේතුවක් වන බව පැවසුවත්, විරුද්ධවාදීන් එය “ගෑස් බද්දක්” ලෙස හඳුන්වයි.

📰 කොහොමද මේක සිද්දවෙන්නේ?

නවසීලන්ත රජය 2027 සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් Taranaki ප්‍රදේශයේ ද්‍රවීකෘත ස්වාභාවික ගෑස් (LNG) ආනයන ටර්මිනලයක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ශක්ති අමාත්‍ය සයිමන් වොට්ස් පැවසුවේ මෙය නවසීලන්තයේ ශක්ති අර්බුදයට විසඳුමක් වන බවයි. නමුත් පරිසර ක්‍රියාකාරීන් සහ විපක්ෂය මෙය “පිස්සු තීරණයක්” ලෙස හඳුන්වනවා.

❓ LNG ටර්මිනලය හදන්නේ ඇයි?

නවසීලන්තයේ දේශීය ගෑස් සැපයුම වේගයෙන් අඩු වෙමින් පවතිනවා.

👉🏻වියළි කාලගුණය තිබෙන වසරවලදී (hydro lakes අඩු වන විට) විදුලිය නිපදවීමට ගල් අඟුරු භාවිතා කිරීමෙන් වියදම් ඉහළ යනවා.

👉🏻LNG ආනයනය කර ගබඩා කළ හැකි අතර, අවශ්‍ය වේලාවට නැවත ගෑස් බවට පරිවර්තනය කරන්න පුළුවන්.

👉🏻රජය පවසන්නේ මෙය “රක්ෂණ ප්‍රතිපත්තියක්” වන අතර, එය හේතුවෙන් විදුලි මිල වසරකට ඩොලර් මිලියන 265ක් අඩු වෙයි කියලා.

❓ මොකද්ද එහෙනම් ගැටලුව?

👉🏻මෙම යටිතල පහසුකම් ඉදිකිරීමේ වියදම ගෙවීමට මෙගාවොට් පැයක් සඳහා ඩොලර් 2-4ක විදුලි බද්දක් (levy) අය කෙරෙනවා.

👉🏻රජය පවසන්නේ මෙය බද්දක් නොවන අතර, විදුලි මිල අවම වශයෙන් මෙගාවොට් පැයකට ඩොලර් 10කින් අඩු වෙයි කියලා.

👉🏻නමුත් ශ්‍රමික පක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් මෙය “ගෑස් බද්දක්” ලෙස හඳුන්වනවා.

👉🏻බදු ගෙවන්නන්ගේ සංගමය (Taxpayers’ Union) පවසන්නේ මෙය නිවාස සඳහා වසරකට ඩොලර් 50-90ක අමතර වියදමක් වෙයි කියලා.

❓ පරිසරවේදීන් කියන්නේ මොකක්ද?

👉🏻 “විදුලි බිල්පත්, පරිසරය, සහ රටේ ශක්ති ආරක්ෂාව සඳහා මේක සම්පූර්ණයෙන්ම පිස්සු තීරණයක්” කියලා.

👉🏻LNG විදුලිය නව පුනර්ජනනීය බලශක්තියට වඩා දෙගුණයක් මිලයි කියලා.

👉🏻විදුලි සමාගම් LNG මත රඳා පැවතීමේ අවදානමක් ඇතිවෙයි කියල.

❓ කර්මාන්ත ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද?

👉🏻LNG “නවසීලන්ත ශක්ති පද්ධතියේ අත්‍යවශ්‍ය කොටසක්” බව.

👉🏻LNG “රක්ෂණ ප්‍රතිපත්තියක්” ලෙස පිළිගන්නා බව.

👉🏻මෙය නවසීලන්තයේ “ශක්ති ප්‍රත්‍යාස්ථතාව වැඩි කරයි” කියලා බලාපොරොත්තු වන බව.

📊 දත්ත සහ පර්යේෂණ:

👉🏻2024දී ඉහළ ශක්ති මිල හේතුවෙන් නවසීලන්ත GDP ඩොලර් බිලියන 5.2කින් (1.25%) පහළ වැටුනා.

👉🏻පසුගිය රජයේ offshore තෙල් සහ ගෑස් ගවේෂණ තහනම, විදුලි මිල ඉහළ යාමේ එක් හේතුවක් බව කර්මාන්ත ක්ෂේත්‍රය පවසනවා.

👉🏻Frontier Report පවසන්නේ වියළි වසර සඳහා පමණක් LNG භාවිතය “ආර්ථික වශයෙන් අර්ථයක් නැති” බවයි.

💬 මේ ගැන ඔබේ අදහස මොකක්ද?

“නවසීලන්තයට LNG ටර්මිනලය අවශ්‍යද? නැත්නම් පුනර්ජනනීය බලශක්තිය වැඩි කළ යුතුද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *