
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ Tumbler Ridge නමැති නිශ්ශබ්ද නගරය ලේ විලක් කරමින් සිදුවූ වෙඩි තැබීමකින්, සැකකරු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් වාර්තාවලට අනුව,
උසස් පාසලක් තුළ පුද්ගලයින් 6 දෙනෙකු වෙඩි වැදී මියගොස් සිටියදී හමු විය.
සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන නිවසක තිබී තවත් මළසිරුරු 2ක් හමුවී ඇත.
තවත් පුද්ගලයෙකු රෝහලට රැගෙන යන අතරමගදී මියගොස් තිබේ.
වෙඩික්කරු ද තමාටම වෙඩි තබාගෙන මියගොස් සිටියදී හමුවූ බව රාජකීය කැනේඩියානු පොලිසිය (RCMP) තහවුරු කරයි.
තවත් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, දැනට මහජනතාවට තවදුරටත් තර්ජනයක් නොමැති බව බලධාරීන් පවසයි.
”අපගේ සියලු ප්‍රාර්ථනාවන් Tumbler Ridge හි ජනතාව සමඟයි…”
- බ්‍රිටිෂ් කොලොම්බියා මහජන ආරක්ෂක ඇමතිනී නිනා ක්‍රීගර්.
අතිශය දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම කුඩා නගරය, මේ වන විට මුළු කැනඩාවම කම්පනයට පත් කර ඇති ශෝකී පුවතක කේන්ද්‍රස්ථානය වී හමාරයි. 🕯️🙏

0 Comments