
නවසීලන්තයේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව (DIA) විසින් සූදු යන්ත්‍ර ප්රතිලාභ සම්බන්ධයෙන් මෙතෙක් හෙළි වූ විශාලතම වංචා නඩුවක් අනාවරණය කර තිබෙනවා.
පුද්ගලයන් 23 දෙනෙකුට එරෙහිව චෝදනා 500කට වඩා ගොනු කර ඇති අතර, ව්‍යාජ පුණ්‍යායතන ජාලයක් හරහා ඩොලර් මිලියන 3.2ක් වංචා කර ඇති බවට චෝදනා වේ.
📍 වංචාව හෙළිවුණේ කොහොමද?
“Operation Indigo” නමින් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු,
👉🏻මුදල් විශුද්ධිකරණය,
👉🏻හොරකම්,
👉🏻ව්‍යාජ ලේඛන භාවිතය
යන වරදවලට චෝදනා එල්ල වී තිබෙනවා.
📌චෝදිතයින් ඊයේ (පෙබරවාරි 12) ඕක්ලන්ඩ් දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, මෙය DIA ඉතිහාසයේ විශාලතම නඩු පැවරීමක් ලෙස සැලකේ.
❓ වංචාවේ ක්‍රමය මොකක්ද?
සූදු අධ්යක්ෂ Vicki Scott අනුව,
👉🏻ව්‍යාජ ප්‍රජා සංවිධාන සහ පුණ්‍යායතන භාවිතා කර
👉🏻සූදු ප්රතිලාභ මුදල් පුද්ගලික ලාභයට හැරවීම සිදු කර තිබෙනවා
👉🏻විශාල මුදල් ප්‍රමාණයක් ව්‍යාජ සේවක වැටුප් ලෙස ගෙවා තිබෙනවා.
👉🏻කිහිප දෙනෙක් පොකී ස්ථාන පවත්වා, මුදල් බැංකු ගිණුම් හරහා විශුද්ධිකරණය කරල.
🙏🏻මෙම පුණ්‍යායතන බොහෝමයක් මුදල් ලබා ගැනීම පමණක් අරමුණ කරගත් ව්‍යාජ සංවිධාන බවද හෙළිවුණා.
⚖️ නීතිමය දඩුවම්
👉🏻මුදල් විශුද්ධිකරණ / හොරකම් – උපරිම වසර 7ක සිරදඬුවම්
👉🏻ව්‍යාජ ලේඛන භාවිතය – උපරිම වසර 10ක සිරදඬුවම්
❓ පොකී ප්රතිලාභ ක්‍රමය කියන්නේ මොකක්ද?
👉🏻නීතියට අනුව Class 4 පොකී යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ ලාභයෙන් අවම 40%ක් ප්‍රජාවට ආපසු දිය යුතුයි.
👉🏻වාර්ෂිකව ඩොලර් මිලියන 250කට වැඩි මුදලක් ක්‍රීඩා, අධ්‍යාපන, සමාජ සේවා සඳහා යෙදවිය යුතුයි.
🚨 දෙපාර්තමේන්තුවේ දැඩි අවවාදය
Vicki Scott පවසන්නේ,
“ප්‍රජාවට යා යුතු මුදල් පුද්ගලික සාක්කුවලට හැරවීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට අපි දැඩිව ක්‍රියා කරන” බවයි.
(Stuff web අඩවියේ වාර්තාවකට අනුව සකසන ලදි)
👉 මෙවැනි වංචාවලට හසුනොවීමට ඔබත් වගබලාගන්න. ඔබට වැදගත් ප්රවෘත්ති දිනපතා දැනගන්න, ලක්කිවි නිව්ස් follow කරල තියාගන්න.

0 Comments