← BACKEconomy

ඔක්ලන්ඩ් හාර්බර් බ්‍රිජ් එකෙන් යන්නත් ගෙවන්න වෙයිද?

BY DhanushPUBLISHED FEBRUARY 18, 20261 MIN READ0 COMMENTS

රජය අලුත් වරාය මාර්ගයක් සඳහා සැලසුම් කරයි

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ ප්‍රසිද්ධ Auckland Harbour Bridge පාලම හරහා ගමන් කිරීම සඳහා

අනාගතයේදී ඩොලර් 9ක ටෝල් ගාස්තුවක් අයකරන යෝජනාවක් ගැන රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

මෙම යෝජනාව අලුත් වරාය මාර්ගයක් (second harbour crossing) හෝ ටනල් එකක් ඉදිකිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අදහසක් ලෙස ඉදිරිපත් වී ඇත.

🌉 ඇයි මේ ගාස්තුවක් ගැන කතා වෙන්නේ?

රජය සැලසුම් කරන්නේ:

👉🏻Waitematā Harbour හරහා නව පාලමක් හෝ ටනල් එකක් ඉදිකිරීමට.

👉🏻එය නවසීලන්තයේ විශාලතම ව්‍යාපෘති වලින් එකක් විය හැක.

👉🏻මෙවැනි ව්‍යාපෘතියක් සඳහා වියදම බිලියන ගණනක ඩොලර් විය හැකි නිසා, මුදල් එකතු කිරීම සඳහා ටෝල් පද්ධතියක් යෝජනා වී ඇත.

💰 $9 ගාස්තුවක් එන්නේ කොහෙන්ද?

නවසීලන්තයේ Infrastructure Commission (යටිතල පහසුකම් කොමිසම) පෙන්වා දී ඇත්තේ:

✅ පාලම හරහා ගමන් කරන වාහන සඳහා

$9 ක ගාස්තුවක් දමන්නේ නම් වසර ගණනාවක් තුළ $7–$9 බිලියන පමණ මුදලක් එකතු කළ හැකි බවයි.

මෙම අගය තෝරාගෙන ඇත්තේ,

1959 දී පාලම විවෘත වූ විට තිබූ ටෝල් ගාස්තුව අද මුදලට පරිවර්තනය කිරීමෙන් බවත් සඳහන්.

🏛️ රජය කියන්නේ මොකද්ද?

🚦 මුදල් අමාත්‍ය Nicola Willis:

👉🏻$9 ටෝල් එකක් යනු තවමත් “කල්පිත අදහසක්” පමණයි.

👉🏻රජය තවමත් නිල තීරණයක් ගෙන නැත.

🚧 ප්‍රවාහන අමාත්‍ය Chris Bishop කියයි:

👉🏻නව වරාය මාර්ගය ඉදිවුණොත් එය අනිවාර්යයෙන්ම ගාස්තු අයකරන මාර්ගයක් කරනවා.

👉🏻නමුත් පරණ පාලමටත් ටෝල් දමනවාද කියන එක තවම සලකා බලමින් සිටිනවා.

🏙️ විරෝධතා සහ ජනතා ප්‍රතිචාර

😟 ජීවන වියදම් ගැන කනස්සල්ලක්

👷Labour පක්ෂය පවසන්නේ:

👉🏻ජනතාවට දැනටමත් වියදම් වැඩි නිසා ටෝල් ගැන ඉතා සැලකිල්ලෙන් සිතා බැලිය යුතු බවයි.

🚫 ඔක්ලන්ඩ් නගරාධිපති Wayne Brown කියන්නේ:

👉🏻$9 ටෝල් එකක් ඔක්ලන්ඩ් ජනතාවට පිළිගත නොහැකි දෙයක් බව. වෙනත් අඩු වියදම් විසඳුම් සොයාගත යුතු බව

⭐ ව්‍යාපෘතියේ මුළු වියදම $20 බිලියනටත් වැඩි විය හැක

මේ ගැන ඔබේ අදහස කුමක්ද? ඩොලර් 9 ක ගාස්තුවක් ගෙවන්න ඔබ සූදානම්ද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *