← BACKEconomy

හෝර්මුස් සමුද්‍ර සන්ධිය උණුසුම් වෙයිඉරාන – ඊශ්‍රායල් ගැටුමෙන් ලෝක තෙල් සැපයුමට දැඩි බලපෑමක්.

BY DhanushPUBLISHED MARCH 3, 20261 MIN READ0 COMMENTS

‼️මැද පෙරදිග උණුසුම් වෙමින් පවතින ගැටුම අතර, ලෝකයේ වැදගත්ම මුහුදු මාර්ගයක් වන Strait of Hormuz (හෝර්මුස් සමුද්‍ර සන්ධිය) දැඩි අවදානමට ලක්ව තිබේ.

👉🏻මෙම සමුද්‍ර මාර්ගය පර්සියානු ගල්ෆ් මුහුදෙන් ගල්ෆ් ඔෆ් ඕමාන් වෙත සම්බන්ධ වන අතිශය වැදගත් “තෙල් ප්‍රවාහන දොරටුවක්” ලෙස සැලකේ.

⚠️ ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා බලකායක් වන Islamic Revolutionary Guard Corps (IRGC)
👉 හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවක් ප්‍රහාරයට ලක් කළ හැකි බව
👉 “අවශ්‍ය නම් නෞකා ගිනි තබා විනාශ කරනවා” යන දැඩි අනතුරු ඇඟවීමක් ප්‍රකාශ කර තිබේ.

මෙය ඉරානය විසින් මෙතෙක් ඉදිරිපත් කළ දරුණු තර්ජනයක් ලෙස සැලකේ.

🚢 නෞකා ගමනාගමනය නතර වෙයි

👉🏻බොහෝ තෙල් නෞකා සහ ගෑස් නෞකා (LNG carriers) සමුද්‍ර සන්ධිය අසල නවතා තබා ඇත.

👉🏻සමහර නෞකා වෙනත් මාර්ග වලට මාරු වී ඇත.

👉🏻මුහුදු රක්ෂණ සමාගම් ඉහළ අවදානම හේතුවෙන් රක්ෂණ ගාස්තු ඉහළ දමා හෝ රක්ෂණය අවලංගු කරමින් සිටී.

❗ නිල වශයෙන් “අවහිර කිරීමක්” ප්‍රකාශ නොකළත්,
➡️ සත්‍යලෙසම ගමනාගමනය දැඩි ලෙස අඩු වී ඇත.

🛢️ ලෝක තෙල් සැපයුමට බලපෑම ඇතිවෙයිද?

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා
🌍 ලෝකයේ දෛනික තෙල් සැපයුමෙන්
පහෙන් එකක් , එනම් 20%ක් පමණ ගමන් කරයි.

මෙම මාර්ගය අවහිර වුවහොත්:

⛽ තෙල් මිල වේගයෙන් ඉහළ යයි.

🚛 ගමනාගමන සහ ප්‍රවාහන වියදම් වැඩිවෙයි.

📈 ලෝක ආර්ථිකයට සෘජු බලපෑම් ඇති වෙයි.

🌍 ඇයි මේක මෙතරම් ලෝකයට වැදගත්?

මෙම සමුද්‍ර සන්ධිය හරහා

👉🏻සෞදි අරාබිය
👉🏻UAE
👉🏻කුවේට්
👉🏻කටාර්
👉🏻ඉරාකය
👉🏻ඉරානය

වැනි තෙල් නිෂ්පාදක රටවල තෙල් ලෝක වෙළඳපොළට යවනු ප්‍රධාන මාර්ගයයි.

👉 එබැවින්, කෙටි කාලයක් වුවත් මෙය අවහිර වීම
ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළ හැකියි.

මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් වුවහොත්,
🌎 ලෝකය පුරාම ඉන්ධන මිල සහ ජීවන වියදම් ඉහළ යාමට බෝහෝ සෙයින් ඉඩ කඩ ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *