← BACKEconomy

“සමාජ ආරක්ෂණ නීති සංශෝධන බිල්පත” ගැන දැඩි විවාදයක්.

BY DhanushPUBLISHED MARCH 3, 20261 MIN READ0 COMMENTS

Labour පක්ෂය කියන්නේ — “මේකෙන් දුර්වල ජනතාව කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්” කියල.

නවසීලන්තයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති Social Security Amendment Bill පිළිබඳව දැඩි දේශපාලන විවාදයක් පවතිනවා.

මෙම බිල්පත මගින් සමාජ ආධාර (benefits) ලබාගන්නා ජනතාවට අදාළ නීති කිහිපයක් වෙනස් කිරීමට යෝජනා කරල තියනවා.
රජය කියන්නේ —
👉 ජනතාව රැකියාවකට යොමු කිරීම සහ රැකියා සොයාගැනීමට උත්තේජනය කිරීම තමයි මෙහි අරමුණ කියල.

නමුත් විපක්ෂයේ New Zealand Labour Party පවසන්නේ —
❗ මේ වෙනස්කම් දුර්වල හා අඩු ආදායම්ලාභී ජනතාවට තවත් ආර්ථික බරක් වන බවයි.

⚠️ Labour පක්ෂයේ ප්‍රධාන චෝදනා
1️⃣ සහනාධාර නතර කිරීමේ අවදානම වැඩි වීම.

නව නීති අනුව, රැකියා සොයාගැනීමේ නියමයන් හෝ සම්මුඛ පරීක්ෂණ වලට නොපැමිණීම වැනි කරුණු හේතුවෙන්
➡️ සහනාධාර අඩු කිරීම හෝ නතර කිරීම ඉක්මනින් සිදු විය හැකි බව Labour කියයි.

මේ නිසා දැනටමත් ආර්ථික අසීරුතා මැද ජීවත්වන පවුල් වලට, ණය ගැනීමට හෝ ණය වැඩි කරගැනීමට සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.

2️⃣ මුදල් භාවිතය සීමා කිරීම

ලාභලාභීන්ගේ මුදල් භාවිතය “money management” ක්‍රමයක් යටතේ සීමා කිරීමේ හැකියාවක් තියනවා.

Labour පක්ෂය කියන්නේ —
👉 මෙය පුද්ගලයන්ගේ මූලික තීරණ ගැනීමේ නිදහසට බලපානවා
👉 දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය ගෙවීම් කළ නොහැකි තත්ත්වයන් උදා වෙනවා.

3️⃣ දුර්වල පවුල්වලට වැඩි බලපෑම

විශේෂයෙන්ම,
👩‍👧‍👦 තනි මව්වරුන්
🧑‍🦽 ආබාධිත පුද්ගලයන්
💼 දිගු කාලයක් රැකියා නොමැති අය

වැනි කණ්ඩායම් මෙයින් වැඩි ලෙස පීඩාවට පත් විය හැකි බව Labour පක්ෂය වැඩි දුරටත් කියයි.

🏛️ මේ ගැන රජයේ පැහැදිලි කිරීම

රජය පවසන්නේ —
✔️ සමාජ ආධාර පද්ධතිය රැකියා වෙළඳපොළට සම්බන්ධ කර සක්‍රීය කිරීම මෙහි අරමුණ බවයි.
✔️ දිගු කාලයක් සහනාධාර මත රඳා නොසිට, පුද්ගලයන් ස්වයංපෝෂිත වීමට උදව් කිරීම මෙහි ඉලක්කය බවයි.

රජයේ මතය අනුව, මෙය “දඩුවම් කිරීමක්” නොව,
➡️ වගකීම් සහිත සහනාධාර පද්ධතියක් ගොඩනැගීමක්.

🔎 මේ කාරණය වැදගත් ඇයි?

💰 ජීවන වියදම් ඉහළ යමින් පවතින කාලයක, සහනාධාර වෙනස්කම් ජනතාවට දැඩි බලපෑමක් ඇති කළ හැකියි.

⚖️ “වැඩකට යොමු කිරීම” සහ “දුර්වල ජනතාව ආරක්ෂා කිරීම” අතර සමතුලිතතාවය ගැන විවාදයක් මතුවී ඇත.

🗳️ මෙය ඉදිරි දේශපාලන තීරණ වලටත් බලපාන ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත.

රජයට විපක්ෂයට වගේම මේ ගැන ඔබටත් අදහසක් ඇති. ඔබේ අදහස පහළින් සටහන් කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *