
ධනවත් විදේශිකයන්ගේ ඉල්ලුම ඉහළට.
නවසීලන්තයේ අති සුඛෝපභෝගී නිවාස (Ultra-Luxury Homes) වෙළඳපොළ මේ දිනවල දැඩි හිඟයකට මුහුණ දී ඇත. මේ බව වාර්තා කර ඇත්තේ Radio New Zealand (RNZ) විසිනි.
“Ultra-Luxury Home” යනුවෙන් අදහස් වෙන්නෙ මොකක්ද?
මෙය සාමාන්‍ය නිවසක් නොව,
නවසීලන්ත ඩොලර් මිලියන 5 ඉක්මවන
විශේෂයෙන් මිලියන 10 – 20 ඉක්මවන
ඉතා ඉහළ මිලකින් යුතු, අති සුඛෝපභෝගී නිවාසයක්.
වෙළඳපොළේ පවතින තත්ත්වය ගැන සොයාබලමු.
නව දත්ත අනුව:
NZ$ මිලියන 10 ට වඩා වැඩි මිලක් ඇති නිවාස රට පුරා තියෙන්නෙ 142ක් පමණයි.
NZ$ මිලියන 20 ඉක්මවන නිවාස ප්‍රමාණය ඉතාමත් අඩුයි
දහස් ගණනක් විදේශයන් NZ$ මිලියන 5ට වැඩි නිවාස සොයමින් සිටිනවා.
මෙයින් පැහැදිලි වන්නේ – ඉල්ලුම ඉහළයි නමුත් සැප නිවාස ප්‍රමාණය සීමිත බවයි.
විදේශීය ධනවතුන්ගේ මේ දැඩි උනන්දුවට හේතුව?
නවසීලන්තයට ධනවත් ආයෝජකයින් ආකර්ෂණය කිරීම සඳහා ඇති
Immigration New Zealand විසින් ක්‍රියාත්මක කරන Active Investor Plus Visa (AIP) වැඩසටහනෙන්,
විශාල මුදල් ආයෝජනය කරන විදේශීය පුද්ගලයන්ට
ඉහළ මිලක් ඇති නිවාස මිලදී ගැනීමට සහ
නවසීලන්තයේ පදිංචියට අවස්ථාවක් උදා වෙනවා.
(මේ බව අපි කලින් ලිපියකින් වාර්තා කළා)
මෙම නව ප්‍රතිපත්ති හේතුවෙන් අති සුඛෝපභෝගී නිවාස සඳහා ඉල්ලුම හදිසි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
වෙළඳපොළ විශේෂඥයින් කියන්නේ මොනවාද?
Realestate.co.nz හි ප්‍රධාන විධායක Sarah Wood පවසන්නේ:
නවසීලන්තයේ ඉහළම මිල සහිත නිවාස වෙළඳපොළ ලෝකයේ අනෙක් රටවල් සමඟ සසඳන විට කුඩා එකක් බවයි.
එම නිසා, මෙහි ඉල්ලුම ඉක්මවා සැපයුම නොමැතිව හිඟයක් පවතින බවයි.
ඉල්ලුම වේගයෙන් ඉහළ යන අතර, නව නිවාස ඉදිකිරීම් එම වේගයට සරිලන ලෙස වැඩිවී නොමැත.
මේ තත්ත්වය වැදගත් වන්නේ ඇයි?
ඉහළ මිල සහිත නිවාස හිඟය නිසා මිල ගණන් තවත් ඉහළ යා හැක.
විදේශීය ධනවතුන් අතර තරඟය වැඩි විය හැක.
ආයෝජන ප්‍රතිපත්ති සහ නිවාස වෙළඳපොළ අතර සම්බන්ධතාවය දැඩිව පෙන්නුම් කරයි.
මෙය සාමාන්‍ය නිවාස මිලට සෘජුව බලපාන්නේ නැති වුවද, ඉහළම කොටසේ වෙළඳපොළ උණුසුම් වෙමින් පවතින බව පෙන්වයි.
ධනවත් ආයෝජකයින්ගේ අවදානය නවසීලන්තයට යොමුවෙද්දී, අති සුඛෝපභෝගී නිවාස වෙළඳපොළේ තරඟය දැඩිවෙමින් පවතිනව. නවසීලන්ත රජය වීසා නීති අලුත් කිරීමේදී මේ ගැන සිතාබලා නැද්ද?

0 Comments