
මැද පෙරදිග උණුසුම් වෙමින් පවතින ගැටුම් තත්ත්වය අතර, ඉරානයේ දකුණු ප්‍රදේශයේ පිහිටි Shajareh Tayyebeh ප්‍රාථමික පාසල වෙත එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වන Human Rights Watch දැඩි අවධානය යොමු කර ඇත.
මෙම ප්‍රහාරයෙන් බොහෝ සාමාන්‍ය පුරවැසියන් සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව එම සංවිධානය පවසයි. ඒ අතර විශාල වශයෙන් පාසල් දරුවන් මරණයට පත්ව ඇති බව සඳහන් වේ. මෙම සිද්ධිය සිදුවූයේ, මෑතකදී වැඩිවූ ඉරාන ඊශ්‍රායල යුධ ගැටුම් වල මුල් අදියරේදීය.
“පාසල් යනු ආරක්ෂිත ස්ථානයි” – Human Rights Watch පවසයි.
ජාත්‍යන්තර මානව හිතවාදී නීති අනුව පාසල් යනු සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ යුතු සාමාන්‍ය පුරවැසියන්ගේ පොදු ස්ථානයක් ලෙස සලකන බව Human Rights Watch පෙන්වා දෙයි.
එම නිසා මෙම ප්‍රහාරය යුද නීති උල්ලංඝනයක්ද යන්න තහවුරු කිරීමට පැහැදිලි හා විවෘත විමර්ශනයක් අවශ්‍ය බව සංවිධානය වැඩි දුරටත් අවධාරණය කරයි.
පාසල පිහිටියේ හමුදා කඳවුරක් අසලද?
Human Rights Watch අනුව, මෙම පාසල පිහිටියේ Islamic Revolutionary Guard Corps (IRGC) නාවික බලකා කඳවුරක් අසලය.
කෙසේ වෙතත්, පාසල වෙනම වැටකින් වටකර තිබූ අතර, ප්‍රධාන වීදීයට වෙන්වූ පිවිසුමක්ද තිබූ බව සඳහන් කරයි.
සම්පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි!
Human Rights Watch හි Digital Investigations Lab පර්යේෂකවරියක් වන Sophia Jones පැවසුවේ,
“මෙම ප්‍රහාරය පිළිබඳව ඉක්මන් හා සම්පූර්ණ විමර්ශනයක් අවශ්‍යය බවයි.එම ප්‍රදේශයේ පාසලක් තිබූ බවත්, එය මධ්‍යහ්නයට පෙර දරුවන් හා ගුරුවරුන්ගෙන් පිරී ඇති බවත් ප්‍රහාරයට වගකිවයුතු අය දැන සිටියාද යන්න සොයා බැලිය යුතුය.”
ඇය තවදුරටත් පවසන්නේ, නීතිවිරෝධී ප්‍රහාරයක් සිදු කළ බව තහවුරු වුවහොත්, වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
පළමු දිනයේම ප්‍රහාර සියගණනක්
මෙම පාසල් ප්‍රහාරය සිදුවී ඇත්තේ පෙබරවාරි 28 දින ආරම්භ වූ හමුදා මෙහෙයුමේ, පළමු දිනයේදීය. මෙය ඉරානය පුරා සිදු කළ ප්‍රහාර සිය ගණනක් අතරින් එකක් ලෙසය.
එම ප්‍රහාර ඇමරිකානු සහ ඉස්රායල් හමුදා විසින් සිදු කළ බව වාර්තා වේ.
විවිධ මාධ්‍ය වාර්තා
• Al Jazeera සිදු කළ විමර්ශනයක් අනුව, මෙම පාසලට ප්‍රහාරය හිතාමතාම සිදු කළ එකක් විය හැකි බව සැක කෙරේ.
• The New York Times වාර්තා කළේ, මෙම ප්‍රහාරය ඇමරිකානු හමුදාව විසින් සිදු කළ එකක් විය හැකි බවයි.
කෙසේ වෙතත්, ඇමරිකාව හෝ ඉස්රායලය මේ ප්‍රහාරයට වගකීම භාරගෙන නොමැත.
ඉස්රායල් හමුදා ප්‍රකාශකයෙක් Human Rights Watch වෙත පැවසුවේ, එම ප්‍රදේශයේ ඉස්රායල් ප්‍රහාරයක් පිළිබඳව තමන්ට තොරතුරු නොමැති බවයි.
එහෙත් ඉරාන රජය මේ ප්‍රහාරයට ඇමරිකා–ඉස්රායල් සන්ධානය වගකිව යුතු බව පවසා ඇත.
ඊශ්‍රායලය හෝ ඇමරිකාව මෙම ප්‍රහාරය එල්ල නොකළේ නම් මෙහි තවත් පාර්ශ්වයක් සිටිනවාද? රාජ්‍ය තාන්ත්‍රික ගැටළු මුල්කරගනිමින්, අත්තනෝමතික ලෙස සාමාන්‍ය ජනතාවගේ ජීව්ත සිල්ලරයට දමමින් සිදුකරන මෙම ප්‍රහාර වලට වගකිවයුත්තෝ කවුරුන්ද?

0 Comments