
නවසීලන්තයේ පාසල් ක්ෂේත්‍රය තුළ දැඩි විවාදයට ලක්වූ සිදුවීමක් වාර්තාවුනා. ඒ පාසල් ගුරුවරියක් පාසල් පරිශ්‍රය තුළ දීම අශෝභන සහ වෘත්තීය ආචාර ධර්මවලට පටහැනි වීඩියෝ රූගත කර ඒවා අන්තර්ජාලයේ වැඩිහිටියන් සඳහා ඇති වෙබ් අඩවිවලට ඇතුළත් කළ බවට අනාවරණය වීමත් සමගයි.
මෙම සිදුවීම පරීක්ෂා කරනු ලැබුවේ Teaching Council of Aotearoa New Zealand විසිනි. එහි වෘත්තීය විනය කමිටුව මෙම ක්‍රියාව බරපතළ වෘත්තීය අක්‍රමිකතාවක් ලෙස නම් කර තිබේ.
සිදුවීම සිදුවූ ආකාරය,
වාර්තා වලට අනුව,
• ගුරුවරිය පාසල් පන්ති කාමර ඇතුළු පාසල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක වීඩියෝ රූගත කර තිබේ.
• එම වීඩියෝ පසුව අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණක් වූ වෙබ් අඩවිවලට මුදාහැර ඇති බව සොයාගෙන ඇත.
• මෙම ක්‍රියාවන් සිදුවී ඇත්තේ ඇය ගුරු වෘත්තියේ සේවය කරමින් සිටින අතරතුර බවද වාර්තා වේ.
අධිකරණමය පරීක්ෂණවලදී සිසුන් මෙම වීඩියෝවලට සෘජුව සම්බන්ධ වූ බවට තොරතුරු නොමැති බව ද සඳහන් කර තිබේ.
👉🏻ඇයට එරෙහිව ගත් වෘත්තීය පියවර
විනය කමිටුව තීරණය කර ඇත්තේ මෙම ක්‍රියාව:
• ගුරු වෘත්තියේ විශ්වාසය බිඳ දමන ක්‍රියාවක් බවත්,
• පාසල් පරිසරය සඳහා අතිශය නොගැලපෙන හැසිරීමක් බවත්ය.
ඒ අනුව, එම ගුරුවරියගේ
• ගුරු ලියාපදිංචිය අවලංගු කර ඇත.
• ඇයට නවසීලන්තයේ නැවත ගුරු වෘත්තියේ සේවය කිරීම තහනම් කර ඇත.
👉🏻මෙයින් පාසල් පද්ධතියට දෙනු ලබන පණිවිඩය
අධ්‍යාපන බලධාරීන් පවසන්නේ පාසල යනු සිසුන් සඳහා ආරක්ෂිත හා ගෞරවයෙන් යුතු පරිසරයක් තිබිය යුතු ස්ථානයක් බවයි.
එවැනි ස්ථානයක් පෞද්ගලික අරමුණු සඳහා භාවිතා කිරීම වෘත්තීය ආචාර ධර්මවලට දැඩි ලෙස පටහැනි බවත්, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරයි.

0 Comments