
ඉරානයේ දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින්, එරට මීළඟ උත්තරීතර නායකයා ලෙස Mojtaba Khamenei තෝරා පත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ![]()
පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලය සහ ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ, 86 හැවිරිදි වියේ පසු වූ වත්මන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අභාවප්‍රාප්ත වූ බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
• නව නායකයා ලෙස පත්වූ මොජ්තාබා කමේනි යනු අභාවප්‍රාප්ත අලි කමේනිගේ දෙවැනි පුත්‍රයායි.
• මුලින් වාර්තා වූයේ සෙනසුරාදා ප්‍රහාරයෙන් මොජ්තාබා මියගොස් ඇති බව වුවත්, ඔහු දැන් ඉරානයේ ප්රබලතම පදවියට පත්ව ඇති බව පැවසේ.
• වසර ගණනාවක් පුරා ඉරානයේ දේශපාලන සහ ආගමික කටයුතුවල තිරය පිටුපස සිටි දැවැන්ත චරිතයක් ලෙස මොජ්තාබා සැලකේ.
මේ පිළිබඳව නිල නිවේදනයක් ඉදිරියේදී නිකුත් වීමට නියමිත අතර,
මෙය මැදපෙරදිග දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු නිසැකය. ![]()
ඔබේ අදහස කුමක්ද?
මෙය මැදපෙරදිග අර්බුදයට කෙබඳු බලපෑමක් කරයිද? පහළින් Comment කරන්න. ![]()
ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඇමරිකාව ඉරානයේ මෙම නව නායකත්වය සම්භන්ධයෙන් යම් අනිසි බියක් මතුව ඇති බවටද වාර්තා පළ වී ඇත.
ඊට හේතුව නම් හිටපු උත්තරීතර නායකයාගේ පුතා,
ඔහුගේ මව, පියා, නැගණිය, මස්සිනා, බෑණාගේ මරණ වලට යම් ආකාරයක පළිගැනීමේ චේතනාන්විතව වඩාත් දරුණු ලෙස යුධ වදිනු ඇතැයි යන සැකය විය හැකිය.

0 Comments