← BACKEconomy

ස්වීඩනයේ මහ බැංකුවෙන් අනතුරු නිර්දේශයක්.

BY DhanushPUBLISHED MARCH 10, 20261 MIN READ0 COMMENTS

අර්බුදයක් ඇතිවුවහොත් සූදානම් වීමට උපදෙස් දෙයි.

ස්වීඩනයේ Sveriges Riksbank, එහි සිටින පවුල් සහ පුද්ගලයින්ට අර්බුදයක් ඇතිවන අවස්ථාවකින් සුරක්ෂිතව සිටීම සදහා සතියකට අවශ්‍ය මුදල් ගෘහස්ථව තබා ගැනීමට නිර්දේශ කර තිබේ. මෙයට අදාළව මුදල්, ආහාර, ඖෂධ සහ මූලික අවශ්‍යතා ආවරණය විය යුතුය.

📌 හදිසි නිර්දේශයට හේතු මොනවාද?

👉🏻ගෝලීය තත්ත්වය අස්ථාවර සහ අනතුරුදායක බව බැංකුව සඳහන් කරයි.

👉🏻යුද්ධ, අන්තර්ජාල සේවා සහ ගෙවීම් පද්ධති වල අඩාලතාවයන් සමාජයට බලපාන අවදානම් තත්වයකට ලක්ව තිබේ.

👉🏻ස්වීඩනයේ ගොඩක්ම ගෙවීම් ඩිජිටල් පද්ධති මගින් සිදු වීම නිසා, මේවා අක්‍රිය වුවහොත් මුදල් නොමැතිව භාණ්ඩ මිලදී ගැනීමට අපහසු වේ.

👉🏻බැංකුව පැවසුවේ, මෙය ස්වීඩන් ජනයාගේ ආරක්ෂාව පිළිබඳ සැලසුමක කොටසක් වන බවයි.

💰 බැංකුවෙන් නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග මොනවාද?

1️⃣ ගෘහස්ථව මුදල් ළග තබා ගැනීම

👉🏻සෑම පෞද්ගලයෙකුටම සතියකට අවශ්‍ය මුදල් (ක්‍රෝනා 1,000 පමණ) ගෘහස්ථව තබා ගැනීමට නිර්දේශ කරයි.

👉🏻මේක සම්භවික මාර්ගෝපදේශයක් වන අතර, දරුවන් සහ විශේෂ අවශ්‍යතා ඇති පවුල් වැඩිපුර මුදල් තබා ගත හැක.

👉🏻මුදල් විවිධ කොටස් වලින් (සෑම නෝට්ටුවක් විවිධ ප්‍රමාණයෙන් ) තබා ගැනීම සුදුසුයි, භාණ්ඩ මිලදී ගැනීම පහසු කිරීම සදහා.

2️⃣ වෙනත් ගෙවීම් ක්‍රම

👉🏻ඩිජිටල් කාඩ් දෙකක් (Visa, Mastercard වැනි) තබා ගැනීම, එක් කාඩ් එකක් අක්‍රිය වුවහොත් අනෙක් එක ක්‍රියා කරන ලෙස.

👉🏻ජංගම ගෙවීම් සේවා (Swish වැනි) සඳහා ලියාපදිංචි වීම, කාඩ් පද්ධති අක්‍රිය වුවහොත් ද ගෙවීම් කළ හැක.

👉🏻ජංගම දුරකථන විවෘත නොවන හෝ බැටරි අවසන් වීමේ අවදානමට සූදානම්ව physical card සහ PIN code ළග තබා ගැනීම වැදගත් වේ.

🧠 මෙම නිර්දේශයෙන් අදහස් කරන කාරණා..

👉🏻මේක අනතුරු නිර්දේශය මත panic වීමේ අවශ්‍යතාවයක් නොවේ.

👉🏻හදිසි බිදවැටීමක් , යුද්ධයක් හෝ සයිබර් පහරක් වැනි අනතුරු මැද සූදානම්ව සිටින්නට උපකාරී වේ.

👉🏻සාමාන්‍ය කාලයේදී මුදල් භාවිතා කර Cash circulation පවත්වා ගැනීම වැදගත් බව බැංකුව අවධාරණය කරයි.

💁🏻‍♂️සමීක්ෂණ අනුව, ස්වීඩනයේ 60% පමණ පවුල් නිර්දේශිත මට්ටමට මුදල් තබා නොගෙන සිටී.

අවදානමට පෙර සූදානම වැදගත් බව ස්වීඩනය මෙයින් ලෝකෙටම පෙන්වා දෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *