← BACKImmigration Updates

නවසීලන්තයේ නව ඉමිග්‍රේශන් නීති වෙනසක් !වීසා අයදුම්පත් සදහා අසත්‍ය තොරතුරු ලබාදී ඇත්නම් වැඩවරදියි.

BY DhanushPUBLISHED MARCH 19, 20261 MIN READ0 COMMENTS

නවසීලන්ත රජය විසින් ඉමීග්‍රේෂන් පද්ධතිය තවත් දැඩි කිරීමට නව නීති යෝජනා කර තිබේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අපරාධ, වංචා සහ පද්ධතියේ අයුතු භාවිතය අඩු කිරීමයි.

🔍 නව නීති ගෙන එන හේතුව

අද වන විට රජය සඳහන් කරන්නේ:

👉🏻සමහර විදේශිකයින් විසින් ගංජා, ලිංගික අපරාධ, ඝාතන වැනි බරපතල අපරාධ සිදු කිරීම

👉🏻විදේශීය සේවකයන්ට අසාධාරණ ලෙස සැලකීම

👉🏻සරණාගත (refugee) ඉල්ලීම් වැඩිවීම

💁🏻‍♂️ මේ හේතු නිසා නව නීති හරහා රටේ ආරක්ෂාව වැඩි කිරීම ඔවුන්ගේ අරමුණ බවයි.

⚖️ ප්‍රධාන නීති වෙනස්කම්

🚨 1. අපරාධකරුවන්ට දැඩි දඩුවම් (Deportation Rules)

පෙර: වසර 10ක් තුළ අපරාධ කළහොත් පිටුවහල් කළ හැක

දැන්: එය වසර 20ක් දක්වා දිගු කරයි

👉 එයින් අදහස් වන්නේ, දිගු කාලයක් රටේ සිටින අයත් අපරාධ කළහොත් පිටුවහල් වීමට ඉඩ කඩ ඇති බවයි.

⛓️ 2. සේවකයන්ට අසාධාරණය ලෙස සලකන අයට දැඩි දඩුවම්.

පෙර උපරිම සිර දඩුවම: වසර 7

නව යෝජනාව: වසර 10

👉 මෙය විදේශීය සේවකයන්ට හිරිහැර කරන, අඩු වැටුප් ලබාදෙන අයට එරෙහිව දැඩි පියවරක්.

🕵️ 3. වංචාවන්ට එරෙහි බලය වැඩි කිරීම.

වීසා අයදුම්පත් වල අසත්‍ය තොරතුරු සදහන් කළ අය හඳුනාගැනීමට රජයට තවත් බලතල ලබාදීම.

👉 මෙය නීති පද්ධතිය දුර්වල කිරීමට උත්සාහ කරන අය වැළැක්වීමක්.

🧾 4. සරණාගත (Refugee) නීති දැඩි කිරීම.

දැන් සිට රට ඇතුළත සිදු කරන අපරාධත් සැලකිල්ලට ගනී.

පෙරදී ඒවා හැමවිටම සලකා බැලුවේ නැත.

📌 රජය අනාවරණය කළේ:

14 දෙනෙකු බරපතල අපරාධ (ඝාතන, ලිංගික අපරාධ, මත්ද්‍රව්‍ය) සදහා වරදකරුවන් වූ බවයි.

👉 ඒ නිසා සත්‍යවශයෙන්ම සරණාගතයින්ට පමණක් මෙම අවස්ථාව ලබාදීමට මෙය උපකාරී වේ.

🏛️ නීතිය ක්‍රියාත්මක වෙයිද?

රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන නිසා මෙම නීති ඉක්මනින්ම අනුමත වීමට බොහෝ විට ඉඩ ඇත.

🌍 ලෝක ප්‍රවණතාවක්….

මෙය නවසීලන්තයට පමණක් සීමා නොවී අදවන විට ලෝකයේ බොහෝ රටවල් ඉමීග්‍රේෂන් නීති දැඩි කරමින් රටේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙමින් සිටිති.

👉 අවසානයේ අරමුණ “නීතිගරුක විදේශිකයින්ට ආරක්ෂිත සහ සාධාරණ පද්ධතියක්” ගොඩනැගීමයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *