
බොලිවුඩ් රජු ලෙස හඳුන්වන Shah Rukh Khan (King Khan) නැවතත් ලෝකයේ ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට එක්ව තිබෙනවා. Hurun Global Rich List 2026 නම් ලෝක ප්‍රසිද්ධ ධනවත් ලැයිස්තුවට අනුව,
ඔහුගේ වත්කම් රුපියල් කෝටි 10,800කට (≈ ඩොලර් බිලියන 1.3) ආසන්නයි කියලා වාර්තා වෙනවා. 💰🔥
🌟 ලෝක තරු අතරට ගිය එකම බොලිවුඩ් රජු….
මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්නෙ ඩොලර් බිලියන 1කට වැඩි වත්කමක් තියෙන ලෝකයේ බලවත්ම ධනවතුන්.
එම ලැයිස්තුවේ
🎤 Taylor Swift
🎤 Rihanna
🎤 Jay-Z
🏀 Michael Jordan
🎬 George Lucas
වැනි ලෝක ප්‍රසිද්ධ තරු අතරට ශාරුක් ඛාන්ගේ නමත් තියෙනවා කියලා කියද්දි ඒක බොලිවුඩයට විශාල ගෞරවයක් කියලා ඔහුගේ රසිකයන් කියනවා. 😲🔥
💼 ශාරුක් ඛාන් බිලියනපතියෙක් වෙන්නෙ කොහොමද?
ඔහුට මේ තරම් ධනය ලැබුණේ
🎬 චිත්‍රපට
🎥 Red Chillies Entertainment නිෂ්පාදන සමාගම
🏏 IPL කණ්ඩායම — Kolkata Knight Riders හි කොටස්
📺 වෙළඳ දැන්වීම් සහ ව්‍යාපාර ආයෝජන
මේ හැමදේම එකතු වෙලා තමයි අද ඔහු ලෝකයේ සුපිරි බිලියනපතියෙක් වෙලා තියෙන්නෙ.
⚠️ හැමෝම හිතන දේට වඩා වෙනස් දෙයක්….
මෙම ලැයිස්තුවේ ඉන්නවා කියන්නේ
👉 ලෝකයේ richest 10 තුළ ඉන්නවා කියන එක නම් නෙවෙයි.
👉 නමුත් ඔහු billionaires list එකට ඇතුළත් වෙලා කියන එක.
ලෝකයේ ඉහළම ධනවතුන්ට 100 බිලියන ඩොලර් ඉක්මවන වත්කම් තියෙනවා. Elon musk, Larry Page, Marks Zuckerburg වගේ පුද්ගලයින් ලෝකයේ ඉහළම ධනවතුන් ලෙස සැලකෙනවා. අපි ඒ කතාව ගැන වෙනත් ලිපියකින් සවිස්තරාත්මකව කතා කරමු.
නමුත් ශාරුක් ඛාන්ගේ වත්කම තවමත් ඩොලර් බිලියන 1.3ක් පමණයි.
ඒත්…
🎬 Actor කෙනෙක් වෙලා
මේ තරම් ධනයක් හොයපු එක ලෝකයේ ලොකුම ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. 👑🔥
❤️ ඔහුගේ රසිකයන් කියන්නේ….
ශාරුක් ඛාන්ට අපි “බොලිවුඩ් රජු කියන්නේ නිකන් නෙවෙයි…
ලෝක ලැයිස්තුවට යන්න තරම් ඔහු සාර්ථකයි!”
“King Khan is always King!” 👑

0 Comments