
මේ දිනවන මැදපෙරදිග යුධ ගැටුම නිසා බටහිර රටවල් අතර එකමුතුවේ පැහැදිලි බිඳ වැටීමක් පෙනී යනවා.
මේ හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්
👉 යුක්රේනයට එරෙහිව තවත් දැඩි හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සූදානම් වෙනවා.
⚔️ යුක්රේන යුද්ධයේ දැන් මොකද වෙන්නේ?
ඇමරිකාව මැදිහත් වෙලා කරගෙන ගිය සාම සාකච්ඡා මේ වෙද්දි නතර වෙලා තියෙනවා. හේතුව මැදපෙරදිග ගැටුමට ඔවුන් වැඩි අවධානය දීමයි.
👉 මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත රුසියාව යුක්රේනයට එරෙහිව නව ප්‍රහාර සැලසුම් කරමින් සිටිනවා.
⛽ තෙල් මිල ඉහළ යාමෙනුත් ලාභ ලබන රුසියාවට…..
ලෝක තෙල් මිල ඉහළ යාමෙන් රුසියාවට මේ දිනවන විශාල ආදායමක් ලැබෙනවා. ඔවුන් එම මුදල් මේ යුද්ධයට වැය කරන බවට සැකයක් මතුවෙලා තියනවා.
👉 සරලවම;
“ලෝක අර්බුදය → රුසියාවට මුදල් ලාභයක්”
🇺🇸 ඇමරිකාවට සම්පත් අඩුවෙමින් යයි…..
ඉරානයේ ප්‍රහාර වලට ප්‍රතිචාර දීමට ඇමරිකාව තම air defence systems අධික ලෙස භාවිතා කරනවා.මේ හේතුවෙන් යුක්රේනයට දෙන්න තිබුණු ආරක්ෂක උපකරණ අඩු වෙන තත්වයක් දැන් උදාවෙලා තියනවා.
🇪🇺 යුරෝපය තුළ ගැටලු…..
යුරෝපීය රටවල් යුක්රේනයට උදව් කරන බව කියනවා. නමුත් US$106 billion loan එක ගැන අභ්‍යන්තර ගැටුම් මතු වෙලා.
ඒ නිසාම
👉 සහය ලබාදීම දැන් අභියෝගයකට ලක් වෙලා.
🚢 Hormuz සමුද්‍ර මාර්ගය තුළ ඇතිවූ ගැටළුව.
Hormuz සමුද්‍ර මාර්ගය ආරක්ෂා කිරීමට NATO රටවල් නාවික හමුදා යවන්න කැමති නැහැ. එය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෝපයට හේතුවක් වුණා
මෙය බටහිර එකමුතුව තුළ තවත් බිඳවැටීමක් ලෙස මාධ්‍ය වාර්තා කරනවා.
🇺🇦 යුක්රේනයේ උත්සාහය….
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇමරිකාවේ අවධානය රඳවාගන්න තවමත් උත්සාහ කරනවා. ඔහු Shahed drones වලට එරෙහි අත්දැකීම් ලබාදීමට සෙබළු 200ක් යවලා තියෙනවා.
👉 නමුත් ට්‍රම්ප් ඒක ප්‍රතික්ෂේප කළා.
⚔️ රුසියාවේ නව ප්‍රහාර සැලසුම්……
1200km දිග front line එකේ නව යුද්ධ සැලසුම් සකස් වෙමින් තියනවා. විශේෂයෙන් Donetsk ප්‍රදේශය සම්පූර්ණයෙන් අල්ලා ගැනීමට සහ තවත් ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නියමිතයි.
👉 වසන්ත සමයේදී බිම වියළෙන නිසා යුද්ධය වැඩි වේගයකින් සිදුවන බවට අනාවැකි පළවෙනවා.
යුද්ධ තත්ත්වය තවදුරටත් වර්ධනය කරමින් රුසියාව:
artillery + drone ප්‍රහාර වැඩි කරලා තියනවා.
ඔවුන්ගේ ඉලක්කය:
👉 යුක්රේනය දුර්වල කරලා
👉 බිම් ප්‍රහාර ආරම්භ කිරීමයි.
🔄 යුක්රේනයේ ප්‍රතිප්‍රහාර…..
Dnipropetrovsk & Zaporizhzhia ප්‍රදේශවල:
👉 යුක්රේනය counter attacks කරලා තියනවා. එය රුසියාවට එකවර ප්‍රහාර සහ ආරක්ෂා වීම යන දෙකම එකවර කළ යුතු තත්ත්වයක්.
🤖 Drone යුද්ධය නව උපාය මාර්ගයක් වෙලා…
රුසියාව “Drone Forces” සඳහා සිසුන් recruit කරනවා. ඔවුන්ට වැඩි වැටුප් ලබා දෙනවා. ඔවුන්ගේ නවතම ඉලක්කය front line එකට නොයා remote war එකක් කිරීම.
🧠 ඇමරිකානු බුද්ධි අංශ වල අදහස….
ඇමරිකානු බුද්ධි ප්‍රධානීන් කියන්නෙ රුසියාවට තවමත් යුද්ධයේ වාසිය තියෙනව කියල. තවද මේ යුද්ධය දිගු කාලීන “slow war” එකක් වෙයි කියල.
🕊️ සාම සාකච්ඡා තව දුරටත් අසාර්ථකයි….
සාකච්ඡා කිහිපයක් පැවතුනත් ප්‍රගතියක් නැහැ.
🇷🇺 මෙහිදී පුටින්ගේ ඉල්ලීම් වුනේ….
යුක්රේනය:
👉🏻තම හමුදා ඉවත් කරන්න
👉🏻NATO එකට නොයා ඉන්න
👉🏻හමුදා බලය අඩු කරන්න කියල…
🇺🇦 සෙලෙන්ස්කිගේ ස්ථාවරය…..
❌ ඔහු මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා
✔️ ceasefire එකක් ඉල්ලනවා.
✔️ ඇමරිකානු ආරක්ෂාව අවශ්‍යයි කියනවා.
👉 අවසානයේ මේ තත්ත්වය පෙන්වාදෙන්නෙ
“එක යුද්ධයක් (Middle East) → තවත් යුද්ධයකට (Ukraine) පාර කපනවා”
👉 බටහිර රටවල් එකට නොසිටින තාක්කල් පුටින් බොරදියේ මාළු බානවා….

0 Comments