
🌿 නවසීලන්තය් ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන, විශ්වාසදායක රටක්.
ඒත් අද, ලෝකයේ ප්‍රසිද්ධ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings එකෙන් නවසීලන්තයට අමුතුම පණිවිඩයක් නිකුත් කරල තියෙනවා… 📩
👉 “නවසීලන්තය ආර්ථිකය තවමත් යහපත්… නමුත් ඉදිරිය ගැන සැලකිලිමත් වෙන්න!”
📉 Ratings වල තත්වය “Stable” සිට “Negative” දක්වා මාරු වෙලාද?
කාලයක් පුරා නවසීලන්තයේ ආර්ථිකය “Stable” (ස්ථාවර) ලෙස සලකුණු කර තිබුණා ✔️
නමුත් මේ වනවිට…
👉 එය “Negative” (අනතුරු ඇඟවීම) ලෙස වෙනස් වෙලා තියනවා.⚠️
ඒ කියන්නේ දැනට නවසීලන්තයට ප්‍රශ්නයක් නැහැ… නමුත් ඉදිරියේ අවදානමක් තියෙනවා යන්නයි.
💰 කතාවේ ලොකුම හේතුව ණය……📊
👉 අද තියෙන ලොකුම ගැටළු වලින් එකක් තමයි රජයේ ණය බර වැඩිවෙලා තියන එක.
පසුගිය වසර කිහිපය තුළ වියදම් වැඩිවුණත් 📈
ආදායම එතරම් වේගයෙන් වැඩිවුණේ නැහැ 📉
‼️ඒ නිසා ණය බර ටිකෙන් ටික වැඩි වෙලා තියෙනවා.
🐢 ආර්ථිකයත් මන්දගාමී…..
👉🏻සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ වියදම් අඩු කරමින් යනවා.
👉🏻ව්‍යාපාරවල වර්ධනයත් තරමක් දුරට මන්දගාමී ස්වභවක් පෙන්නුම් කරනවා.
⚠️ඒ කියන්නේ රටේ මුදල් සංසරණය අඩු වෙලා තියෙනවා.
🌍 ලෝකයේ ගැටළු නවසීලන්තයටත් බලපානවාද?
ලෝකයේ තත්ත්වයත් සතුටුදායක මට්ටමක නැහැ 😟
රටවල් අතර යුද්ධ ⚔️
ඉන්ධන මිල ඉහළ යාම ⛽
වෙළඳපොළ අවිනිශ්චිතතාව 📉
👉 මේ සියල්ල එකතුවෙලා නවසීලන්ත ආර්ථිකයට පීඩනයක් ඇතිකරමින් සිටිනවා.
🏛️ රජයේ ප්‍රතිචාරය……
“තත්වය පැහැදිලියි. අපි මේක නැවත හදාගන්නවා” යනුවෙන් රජය පණිවිඩයක් නිකුත් කරල තියනවා…..
මුදල් ඇමති Nicola Willis වැඩිදුරටත් පවසන්නේ…. 👇
“අපි වියදම් අඩු කරනවා” ✂️
“අපි ණය පාලනය කරනවා” 📊
“අපි ආර්ථිකය නැවත ශක්තිමත් කරනවා” 💪
👉 රජය ඒ වෙනුවෙන් දැනටමත් විශාල වියදම් කප්පාදු කරලා තියෙනවා යනුවෙන්.
💡 කෙසේවෙතත් තවමත් සතුටුවෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා!
👉 නවසීලන්තයේ ප්‍රධාන රේටින් එක තවමත් “AA+” ✔️
ඒ කියන්නේ රට තවමත් ශක්තිමත්… ලෝකයට නවසීලන්තය විශ්වාසදායකයි
මෙය අර්බුදයක් නොවෙයි ❌
👉 අනතුරු ඇඟවීමක් පමණයි ⚠️
සරලව කියනවා නම් “අද හොඳයි… හෙට හොඳට තියාගන්න නම් අදම වැඩ කරන්න!” වගේ අදහසක්.

0 Comments