← BACKEconomy

පෙට්‍රල් මිල ඉහළට… ජනතාව බසයට හා දුම්රියට!Auckland හා Wellington වල පොදු ප්‍රවාහන සේවා භාවිතය වැඩිවෙයි.

BY DhanushPUBLISHED MARCH 22, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ නගරවල උදෑසන දර්ශනය දැන් තරමක් දුරට වෙනස් වෙලා. කාර් එකෙන් රැකියාවට යන අය අඩු වෙලා… ඒ වෙනුවට බස් රථ සහ දුම්රිය පිරිලා!

මෙය සාමාන්‍ය වෙනසක් නොවෙයි. ඉන්ධන මිල ඉහළ යාම නිසා ජනතාවගේ තීරණ වෙනස් වෙලා තියන කියන්න හොද උදාහරණයක්.

⛽ ඉන්ධන මිල නිසා ජනතාවට අලුත් බරක්.

RNZ වාර්තාව අනුව:

⛽ 91 පෙට්‍රල් මිල සෙන්ට් 55කින් ඉහළ ගියා.
⛽ ඩීසල් මිල සෙන්ට් 90කින් ඉහළ ගියා.

මෙය, දැනටමත් වැඩිවෙමින් තිබෙන ජීවන වියදම තවත් වැඩි කරලා තියෙනවා.

👉 “කාර් එකෙන් යන එක දැන් මිල වැඩි වැඩියි” කියලා බොහෝ දෙනා හිතන්න පටන් අරන්.

🚍 Public Transport දැන් ජනතාවගේ තේරීම වෙලා……

👉🏻Auckland සහ Wellington වල public transport භාවිතය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.
👉🏻Wellington හි කලින් අඩු වෙලා තිබුණ මගීන් ගණන දැන් නැවතත් ඉහළ යමින් පවතී.
‼️ඉදිරියේදී record-level එකකටත් යා හැකි බව සදහන් කරනවා.

💸 මෝටර් රථය සහ බස් රථය අතර වෙනස කොහොමද?

Auckland හි:

🚗 කාර් එකෙන් කිලෝමීටර් 15ක් යන වියදම
🚍 බස් එකෙන් හෝ දුම්රියෙන් යන වියදමට වඩා සමහරවිට දෙගුණයක් වෙලා තියෙනවා.
👉 parking ගාස්තුත් එක්ක බලද්දි කාර් එකෙන් යන එක තවත් මිල වැඩියි!

🗣️ ජනතාව කියන්නේ…

“කාර් එක පාවිච්චි කරන එක අසීරු වෙලා”
“පෙට්‍රල් මිල නිසා, දුම්රිය දැන් ගොඩක් පිරිලා”
“නමුත් සතියකට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්”

👉 මේ ජනතාවගේ සැබෑ අත්දැකීම්…..

⚠️ තවත් හේතු බලපානවා

මෙම වෙනසට fuel price එකට අමතරව මාර්ග ඉදිකිරීමත් public transport භාවිතය වැඩිවීමට හේතු වෙලා තියෙනවා. 🚧

මේ නිසා ඔබේ ගමන් ක්‍රමයත් වෙනස්වුනාද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *