
නවසීලන්තයේ දකුණු දූපතේ ප්‍රධාන ප්‍රදේශයක් වන ක්‍රයිස්ට්චර්ච්හි සහ නව ක්‍රීඩාංගණය, ආර්ථික වර්ධනය සහ නව ආයෝජන හේතුවෙන්
“2026ට ඉතා ශක්තිමත් ලෙස පිවිසෙන” බව ප්‍රදේශයේ නායකයන් පවසනවා.
🏟️ නව Te Kaha ක්‍රීඩාංගණය ප්‍රදේශයේ විශාල සංවර්ධනයක්.
“One New Zealand Stadium at Te Kaha” කියන නව ක්‍රීඩාංගණය
📍 ක්‍රයිස්ට්චර්ච් නගර මධ්‍යයේ ඉදිවෙමින් තිබේ.
👥 30,000ක පමණ ආසන ධාරිතාවකින් යුතුයි.
📅 2026 අප්‍රේල් මාසයේ විවෘත වීමට සැලසුම් කර ඇත.
👉 මෙය ක්‍රීඩා, සංගීත උත්සව සහ ජාත්‍යන්තර උත්සව ( International events) සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් කිරීමට නියමිතයි.
➡️ 2011 භූමිකම්පාවෙන් විනාශ වූ පැරණි ක්‍රීඩාංගණයට
නවීන, ලෝක මට්ටමේ ආදේශයක් ලෙස මෙය සැලකෙනවා.
📈 ආර්ථිකය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී…
කැන්ටර්බරි ප්‍රදේශයේ ආර්ථිකය කෘෂිකර්මය, ඉදිකිරීම් සහ සේවා අංශ හරහා විශාලව වර්ධනය වෙමින් පවතිනවා.
🌾 කෘෂිකර්මය තනිවම බිලියන ගණනක දායකත්වයක් ලබාදෙනවා.
🏗️ නගරය නැවත ගොඩනැගීමේ ව්‍යාපෘති පටන්ගෙන තියනවා. (rebuild projects)
💼 ඒ හරහා නව රැකියා අවස්ථා බිහිවෙලා තියනවා.
👉 මෙය ප්‍රදේශය දිගුකාලීන වර්ධනයක් සඳහා සූදානම් බවට ඉගි පළකරනවා.
🚧 නව ආයෝජන සහ නගර සංවර්ධනය…..
👉🏻නව Infrastructure projects. (යටිතල පහසුකම්)
👉🏻නව ව්‍යාපාර සහ සේවා අංශ.
👉🏻නගර මධ්‍යයේ ජීවිතය නැවත ක්‍රියාශීලී වීම.
👉 මේ සියල්ල එකට එකතු වී ක්‍රයිස්ට්චර්ච් හා කැන්ටබරි නගර නැවත ජීවත්වීමට වඩා සුදුසු නගර බවට පත් කරලා තියෙනවා.
🎯 ප්රදේශනායකයන්ගේ අදහස් වලට අනුව
2026 වසර ආරම්භ වෙද්දී
✔️ ආර්ථිකය ශක්තිමත් වෙලා තියනවා.
✔️ ආයෝජන වැඩි වෙලා තියනවා.
✔️ ජනතාවට වැඩි අවස්ථා බිහිවෙලා තියනවා.
➡️ ඒ නිසාම වඩාත් ස්ථාවර මට්ටමකින් ප්‍රදේශය ඉදිරියට යනවා කියලා ඔවුන් විශ්වාස කරනවා.
Christchurch හා Canterbury ජීවත් වන ලාංකිකයින් මේ අදහසට එකග වෙනවද?

0 Comments