← BACKUncategorized

නවසීලන්තයෙත් බැරල් වලට ඉන්දන පුරවයි.මුහුණ වසාගත් සැකකරු කැමරා කාචයට හසුවෙයි.

BY DhanushPUBLISHED MARCH 25, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Lower Hutt ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ අසාමාන්‍ය සිද්ධියක් සමාජයේ දැඩි අවධානයට ලක්වී තිබේ.
⛽ පුද්ගලයෙකු විසින් ගත් ඡායාරූප දර්ශනයක් අනුව, ට්‍රක් රථයක පිටුපස තබා ඇති විශාල බැරල් කිහිපයකට ඉන්ධන පුරවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ සැකයක් මතුවී ඇත. එම එක් බැරල් එකක් ලීටර් 200කට ආසන්න ධාරිතාවක් තිබූ බව සඳහන් වේ.

මෙය මුලින් දැකපු පුද්ගලයාට මෙම ක්‍රියාව අසාමාන්‍ය ලෙස පෙනී තිබූ අතර, විශේෂයෙන්ම එම පුද්ගලයින් වාහනයේ අංක තහඩු ආවරණය කිරීම සහ මුහුණ සඟවා ගැනීම නිසා තවත් සැක සහිත තත්ත්වයක් මතුවී තිබේ.
⚠️ ඔහු කෝපයෙන් “මේ කරන්නේ හරි දෙයක් නෙවෙයි” යනුවෙන් ඔවුන්ට කතා කළ බවත්, එම අවස්ථාවේ අසල සිටි තවත් පුද්ගලයෙකුද එම අදහසට එකඟ වී තිබූ බවත් වාර්තා වේ.

📞 මෙම සිද්ධිය පිළිබඳව ඔවුන් පොලිසියට දැනුම් දී ඇති අතර, ඔවුන් සවස 3.50ට පමණ ඇමතුමක් ලැබුණු බව තහවුරු කළේය.

🚔කෙසේ වෙතත්, පසුව පොලිසිය සඳහන් කර තිබුණේ මෙවැනි ඉන්ධන පිරවීම නීති විරෝධී නොවන බවත්, ඒ නිසා වැඩිදුර ක්‍රියාමාර්ගයක් නොගත් බවය.

‼️ඉන්ධන ගබඩා කිරීම පිළිබඳව නීති රීති තිබෙන අතර, නිවසේ ලීටර් 50කට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කිරීමට විශේෂ අවසර අවශ්‍ය වේ. එය ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වැදගත් නීතියක් ලෙසද සැලකේ.

🌍 මෙම සිද්ධිය සිදුවන්නේ ලෝක මට්ටමේ ඉන්ධන අර්බුදයක් ඇතිව ඇති පසුබිමකයි. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ, සමහර ස්ථානවල panic buying (භය මත ඉන්ධන ගන්නා ප්‍රවණතාව) දක්නට ලැබෙන බවත්, විශාල ප්‍රමාණයක් ගබඩා කිරීම අනාරක්ෂිත හා අවදානම් බව විශේෂඥයින් අනතුරු අඟවයි.

🗣️එහෙත් රජය සහ බලධාරීන් ජනතාවට පැහැදිලි කරන්නේ, රට තුළ ඉන්ධන ප්‍රමාණවත් ලෙස තිබෙන අතර, සාමාන්‍ය ලෙස ඉන්ධන මිලදී ගැනීමේ පුරුද්ද වෙනස් කිරීමට අවශ්‍ය නොවන බවයි.

👉 මෙම සිද්ධියෙන් පෙනීයන්නෙ , ජනතාව අතර විශාල ප්‍රමාණයේ ඉන්ධන රැස් කිරීම් පිළිබඳ භීතියක් පවතින බවයි. එහෙත් නීතිමය වශයෙන් එය වැරදි නොවූවත්, ආරක්ෂාව සහ සාධාරණ භාවය ගැන ප්‍රශ්න මතු කරයි ⚖️.

මේ සිද්ධිය ගැන ඔබට මොකද හිතෙන්නෙ?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *