
සතුන්ට ආදරේ කරන ඔබව සංවේදී කරවන පුවතක් චීනයෙන් වාර්තා වෙනවා. චීනයේ ජිලින් පළාතේ චෑංචුන් (Changchun) නගරයෙන් පළ වූ වීඩියෝවක් මේ දිනවල ලෝකය පුරාම විශාල අවධානයක් ලබාගෙන තිබෙනවා.
එහි දැක්වෙන්නේ බල්ලන් 7 දෙනෙක් මහා මාර්ගයක එකට ගමන් කරන අතිශය අමුතු සහ හද උණු කරන දසුනක්.
මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල පැතිර ගොස්
👉 මිලියන 230කට වැඩි පිරිසක් විසින් නරඹා තිබෙනවා.
🐾 ඇත්තටම සිදු වූයේ කුමක්ද?
මුලින්ම සමාජ මාධ්‍යවල පැතිර ගිය කතාවේ කියවුනේ
මෙම බල්ලන් මස් වෙළඳාමට ගෙන යාමට අල්ලාගෙන තිබූ තැනකින් පැන ගියා කියලා.
නමුත් පසුව හෙළි වූයේ —
• මේ බල්ලන් එකම ගමේ පවුල් තුනකට අයත් සුරතල් බල්ලන්.
• ඔවුන් සාමාන්‍යයෙන් එකට සෙල්ලම් කරන ඉතා කුළුපග බල්ලන්.
• එක් බල්ලෙක් ගමෙන් ඉවතට ගිය පසු
අනෙක් බල්ලන් ඔහු පිටිපස්සේ ගිහින්.
• ඔවුන් කිලෝමීටර් 16කටත් වැඩි දුරක් එකටම ගමන් කර තිබුණා.
• “Da Pang” කියන කුඩා කෝර්ගි බල්ලා කණ්ඩායමේ මූලිකත්වය ගෙන ඉදිරියෙන් ගිය බවත් කියවෙනවා.
ඒ අතරතුර
👉 එක බල්ලෙක් තුවාල වුණත්
👉 අනෙක් බල්ලන් එය අතහැර නොගිහින්
👉 සියලුදෙනා එකටම ඉදිරියට ගිය බවයි වීඩියෝවෙන් පෙනීයන්නේ..
❤️ ලෝකයේම ආදරය දිනාගත් හේතුව….
මෙම වීඩියෝව මෙච්චර ජනප්‍රිය වුණේ හේතු කිහිපයක් නිසායි.
✔ බල්ලන් එකිනෙකා අතහැරලා නොගිය එක.
✔ දිගු දුරක් එකටම ගමන් කළ එක.
✔ තුවාල වුණ බල්ලාටත් ආරක්ෂාව දුන්න එක.
✔ අවසානයේ සියලුම බල්ලන් ආරක්ෂිතව ඔවුන්ගේ හිමිකරුවන්ට නැවත ලැබුණ එක.
බොහෝ දෙනා මේ කතාව ගැන කියලා තිබුණේ
“මේක චිත්‍රපටයක් වගේ”
“බල්ලන්ගේ විශ්වාසය සහ මිතුරත්වය පෙන්වන සත්‍ය කතාවක්”
“මේ අවුරුද්දේ හද උණු කරන ලස්සනම වීඩියෝවක්”
වගේ ආදරණීය කතා.
👉මිත්‍රත්වය සහ විශ්වාසය ඉදිරියේ සතුන්ගේ හදවත මිනිසුන්ට වඩා උණු වෙන්න පුළුවන් නේද? 🐾💛
👉🏻ඔවුන් තමන්ගේ ස්වාමියන්ට මොනතරම් නම් ආදරේ කරනවද?
ඔබටත් ඔබව කිසිදා දාලා නොයන මේ වගේ සුරතලෙක් ඉන්නවද? ලස්සන ෆොටෝ එකක් එක්කම ඒ ආදරේ පහළින් සටහන් කරන්න.

0 Comments