← BACKUncategorized

වසර ගණනාවක පසු ලැබූ ජයග්‍රහණයක්!ජනතා මුදලින් Waikato වෙරළට අලුත් seawall එකක්.

BY DhanushPUBLISHED APRIL 3, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Port Waikato ප්‍රදේශයේ ජනතාව, වෙරළ ඛාදනය (coastal erosion) සමඟ වසර ගණනාවක් පුරා සිදු කළ සටනක් අවසානයේ, අලුත් sea wall ව්‍යාපෘතිය සාර්ථකව නිමවී තිබේ.

මෙම ව්‍යාපෘතිය, Sunset Beach ප්‍රදේශයේ නිවාස සහ ප්‍රජා වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් ලෙස සැලකේ.

Port Waikato වෙරළ, පසුගිය වසර කිහිපය තුළ දැඩි ඛාදනයකට ලක්ව ඇත.එහි;

👉🏻වෙරළ වාර්ෂිකව මීටර් කිහිපයක් පසුපසට යමින් තිබුණි.
👉🏻නිවාස සහ මාර්ග අවදානමට ලක්විය.
👉🏻සමහර ස්ථානවල භූමිය සම්පූර්ණයෙන්ම අහිමිවිය.

මෙය නවසීලන්තයේ සිදුවූ දැඩිම වෙරළ ඛාදන ගැටළුවක් ලෙස හඳුනාගෙන ඇත. මෙම සීවෝල් එක, මීටර් 380ක් දිගින් යුක්ත වන අතර, ලී කොට සහ ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කර සාදා ඇත.

මෙය:
👉🏻වෙරළ ඛාදනය මන්දගාමී කිරීමට
👉🏻සහ නිවාස ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇත.

මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ, එය නවසීලන්ත රජයේ මැදිහත්වීමකින් තොරව සම්පූර්ණයෙන්ම ප්‍රදේශවාසීන් විසින් ඉදිකිරීමයි. ඔවුන් වසර ගණනාවක් මුදල් එකතු කර, බලධාරීන්ගෙන් අවසර ලබා ගැනීමට උත්සාහ කර, අවසානයේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමාකර ඇත.

ප්‍රදේශයේ පදිංචිකරුවන් පවසන්නේ, මෙම සීවෝල් එක ඔවුන්ට “අනාගතය ගැන බලාපොරොත්තුවක්” ඇතිකරන බවයි. කෙසේ වෙතත්, විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය ස්ථිර විසඳුමක් නොවන බවත් මෙයින් තාවකාලික ආරක්ෂාවක් පමණක් ලැබෙන බවත් ය.

ඛාදනය සම්පූර්ණයෙන් නැවැත්වීමට නොහැකි නමුත් එය මන්දගාමී කළ හැක. මේ වෙනුවෙන් ගන්නා දිගුකාලීන විසඳුමක අවශ්‍යතාවය තමවත් ඇත.

Port Waikato ප්‍රදේශයේ, අනාගතයේදී:

👉🏻“managed retreat” (අවදානම් ප්‍රදේශවලින් ඉවත්වීම)
👉🏻වෙරළ නැවත ගොඩනැගීම (sand restoration)

වැනි ප්‍රජා ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද රජය සැලසුම් කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *