← BACKCrime

නවසීලන්තයේ ඩීසල් සොරකම් වැඩිවෙයි!පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට.

BY DhanushPUBLISHED APRIL 8, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඩීසල් සොරකම් සිද්ධි දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සිද්ධි දෙකම ජනතාව විසින් සැක සහිත ක්‍රියාකාරකම් ගැන දැනුම්දීමෙන් අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

🚙 Christchurch සිදුවූ ඩීසල් හොරකම….

පළමු සිද්ධිය ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ සිදුවී ඇති අතර, අළුයම කාලයේ වාහනයකින් ඩීසල් ඇදගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු පිළිබඳ දැනුම්දීමක් ලැබීමෙන් පසු පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා.

පොලිසිය විසින් සැකකරු ගමන් කළ වාහනය නවතා පරීක්ෂා කළ විට, ඩීසල් පුරවා ඇති භාජන කිහිපයක්, විදුලි බලයෙන් ක්‍රියා කරන ඩීසල් ඇදගන්න උපකරණයක් (siphon pump) සහ මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක්ද සොයාගෙන තිබුණා.

මෙම සිද්ධියට සම්බන්ධ 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට නීතිමය චෝදනා රැසක් එල්ල කිරීමට නියමිතයි.

🏗️ වැඩබිමක සිදු වූ තවත් සොරකමක්…

දෙවන සිද්ධිය හැමිල්ටන් ප්‍රදේශයේ සිදුවී ඇති අතර, වැඩබිමක සිට ඩීසල් සොරකම් කරන අයෙකු කැමරා පද්ධතියකින් නිරීක්ෂණය කළ පුද්ගලයෙකු පොලිසියට දැනුම් දී ඇත.

සැකකරු පලායාමට උත්සාහ කළද, පොලිසිය විසින් ඔහු නවතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ වාහනය තුළින්ද ඩීසල් පුරවා ඇති භාජන, උපකරණ සහ මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

📈 පොලිසියෙන් අනතුරු ඇඟවීමක්….

පොලිසිය පවසන්නේ, නවසීලන්තය පුරා ඩීසල් සොරකම් සිද්ධි වර්ධනය වෙමින් පවතින බවයි. එමෙන්ම ඉන්ධන මිල ඉහළ යාම මෙම ප්‍රවණතාවයට හේතුවක් විය හැකි බවද ඔවුන් සඳහන් කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම් දෙකම ජනතාවගේ වේගවත් දැනුම්දීම නිසා සිදු කළ හැකි වූ බව පොලිසිය අවධාරණය කරයි. සැක සහිත ක්‍රියාකාරකම් දක්නට ලැබෙන විට වහාම පොලිසියට දැනුම් දීම ඉතා වැදගත් බවද ඔවුන් නැවතත් නවසීලන්ත ජනතාවට මතක්කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *