← BACKCrime

Auckland පාසලක් ඉදිරිපිට ඉන්දියානුවන් බියගන්වන ජාතිවාදී පණිවිඩයක්!

BY DhanushPUBLISHED APRIL 12, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ Papatoetoe ප්‍රදේශයේ පිහිටි පාසලක් ඉදිරිපිට ජාතිවාදී හා බියගන්වන පණිවිඩයක් ලියා ඇති බව හෙළිවීමත් සමඟ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය අප්‍රේල් 11 වැනිදා සෙනසුරාදා, Papatoetoe Central School පාසලේ දොරටුවක් ඉදිරිපිට “Kill All Indian” යන බරපතල වචන රතු පැහැයෙන් බිමට පේන්ට් කර තිබූ බව ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.

එය මුලින්ම දැක ඇත්තේ මාර්ගයෙන් ගමන් කළ කාන්තාවක් වන අතර ඇය එම දසුන ඡායාරූපයක් ලෙස සටහන් කර ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකු සහ Papatoetoe Otara Action Team සාමාජිකයෙකු වන කුනල් භල්ලා වෙත යවා ඇත.

“ඉක්මනින්ම අපි එම ස්ථානයට ගොස් පොලීසියට දැනුම් දුන්නා. නිල පැමිණිල්ලක්ද ගොනුකර තියෙනවා,” යැයි ඔහු පැවසීය.

1857 දී ආරම්භ කළ මෙම පාසල නවසීලන්තයේ පැරණිතම පාසල්වලින් එකක් වන අතර එහි සිසුන්ගෙන් සෑම පස් දෙනෙකුගෙන් තිදෙනෙක්ම ඉන්දියානු සම්බවයක් ඇති බව වාර්තා වේ.

🛑 ප්‍රදේශවාසීන්, පොලිසීය සහ පාසල් බලධාරීන් සියල්ල ඉක්මන් ක්‍රියාමාර්ග වලට යොමුවිය.
• ප්‍රදේශවාසීන් විසින් පොලීසියට වහාම දැනුම් දීම.
• පොලීසිය එම ස්ථානයට පැමිණ විමර්ශනය ආරම්භ කිරීම.
• පසුව පණිවිඩය මකා දැමීම.
• තවද පාසල් පරිපාලනයද තමන්ගේ අභ්‍යන්තර ක්‍රියාවලිය ආරම්භ කිරීම යන පියවර අවස්ථානුකූලව ක්‍රියාත්මක කර තිබුනි.

පොලීසිය ප්‍රකාශ කළේ, “අපි මේ සිද්ධිය පිළිබදව සක්‍රීයව විමර්ශනය කරමින් සිටිනවා. ප්‍රජාව ඉක්මනින් දැනුම් දීම ගැන ස්තුතියි,” යනුවෙනි.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ ප්‍රදේශීය දේශපාලන තත්ත්වයන් උණුසුම් වූ සමයකදීය. පසුගිය සතියේ පැවති ඡන්ද විමසීමකදී පාපටෝඑටෝ ප්‍රදේශයේ ආසන හතරෙන් තුනක්ම ඉන්දියානු මූලිකත්වය ඇති අපේක්ෂකයින් විසින් ජයගත්හ.

ඒ අතර, පසුගිය වසරේ ඡන්ද වංචා චෝදනා හේතුවෙන් එම ඡන්දය අවලංගු කර තිබූ අතර, Jane Anderson මහත්මියගේ තීන්දුවක් මගින් සමාජ මාධ්‍යවල පළ වූ “විදේශික වංචා” වැනි අදහස් වැරදි සහ නොගැළපෙන බවද සඳහන් කර තිබුණි.

🌏 ඒ අතරතුර නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමා විසින් ජාතිවාදී හැඟීම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

නවසීලන්තයේ උප අග්‍රාමාත්‍ය David Seymour මෑතකදී අනතුරු ඇඟවූයේ, ඉන්දියානු මූලිකත්වය ඇති නවසීලන්ත පුරවැසියන්ට විරුද්ධ ජාතිවාදී හැඟීම් වැඩිවිය හැකි බවයි.

ඔහු පවසා ඇත්තේ, විශේෂයෙන්ම දකුණු ඔක්ලන්ඩ් ප්‍රදේශයේ එවැනි ප්‍රවණතා පෙනී යන බවත්, ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම (FTA) පිළිබඳ වැරදි තොරතුරු එම තත්ත්වය තවදුරටත් උත්තේජනය කර ඇති බවත්ය.

මෙම සිද්ධිය ජාතිවාදය සහ ප්‍රජා සමාජ සම්බන්ධතා පිළිබඳ ගැටළු නැවතත් ඉදිරියට ගෙන එයි. බලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව මෙයින් තවදුරටත් පැහැදිලි වෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *