← BACKCrime

Auckland හිදී පොලිස් හෙලිකොප්ටරයකට ලේසර් ආලෝකය ඇල්ලූ 50 හැවිරිදි පුද්ගලයයෙක් අත්අඩංගුවට.

BY DhanushPUBLISHED APRIL 14, 20261 MIN READ0 COMMENTS

ඔක්ලන්ඩ් නගරයේ පුද්ගලයෙකු, පොලිස් හෙලිකොප්ටරයකට ලේසර් ආලෝකය හරවා අනතුරකට ලක් කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. මෙම අපරාධයට උපරිම වශයෙන් වසර 14ක සිරදඬුවමක් ලබා දිය හැකි බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය Glen Eden ප්‍රදේශයේ, පාන්දර 2.35ට පමණ සිදුවී ඇත. New Zealand Police නිලධාරීන්ට අනුව, ලේසර් ආලෝකය සෘජුවම හෙලිකොප්ටරයේ cockpit එකට යොමු කර තිබූ අතර, එමඟින් ගුවන් කාර්ය මණ්ඩලයට දැඩි ආලෝකයක් එල්ල වී “flash blindness”වැනි තත්වයක් ඇතිවිය.

🚁 “Eagle” හෙලිකොප්ටරයේ තාක්ෂණයෙන් සැකකරු හඳුනාගනියි.

මෙම ප්‍රහාරයට ලක්වූයේ Eagle helicopter යන පොලිස් හෙලිකොප්ටරයයි. එහි ඇති උසස් තාක්ෂණය මඟින් සැකකරු මෙම ක්‍රියාව සිදුකරන අතරතුරේම පැහැදිලිව සටහන් කරගෙන ඔහුගේ ලිපිනය වහා පරීක්ෂා කර ඇත.

ඉන්පසු පොලිස් කණ්ඩායම් ඉක්මනින් එම ස්ථානයට පැමිණ, 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, “ප්‍රවාහන ආරක්ෂාවට අනතුරක් කිරීම” යන චෝදනාව යටතේ නඩු පැවරේ. පොලිසිය පවසන්නේ:
👉 ලේසර් ආලෝකය යොමු කිරීමෙන් ගුවන් යානා අනතුරට පත් විය හැකි බැවින්, මෙවැනි ක්‍රියා සදහා දැඩි ලෙස දඩුවම් කරන බවයි.

Garry Larsen පවසන්නේ,
පොලිස් හෙලිකොප්ටරයක් සමාජ ආරක්ෂාව වෙනුවෙන් සේවය කරන අතර, මෙවැනි ක්‍රියා සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බවයි.

මෙවැනි අනතුරුදායක ක්‍රියා මඟින් ජීවිත රැසක් අනතුරට පත් විය හැකි බැවින්, ජනතාවට එවැනි ක්‍රියා වලින් වැළකී සිටින ලෙස පොලිසිය දැඩි ලෙස අවවාද කරයි. 🚁

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *